අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

    ජූලි 06, 2018

    මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

    රත‍්‍රන් සඳහා පැනවු සියයට 15ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

    මැණික් ගැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලු සහ ප‍්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමු විය.

    මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් ආශි‍්‍රතව මතුවී ඇති ගැටලුකාරි වාතාවරණය පිළිබඳව ද සාකච්ජාවට ලක් විය.

    මෙම ගැටලු අතරින් දැනට විසඳුම් ලබාදිය හැකි ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අනෙකුත් ගැටලු පිළිබඳ සාකච්ජා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ජූලි 12 වනදා නැවත වරක් සාකච්ජාවක් කැඳවීමට ද උපදෙස් දුන්නේය.

    අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. ඒ. විජේතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල බණ්ඩාර ජයරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya