මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්තල ගුවන් තොටුපල විකුණන්නේ නෑ - ශක්තිමත් ගුවන්තොටුපලක් කිරීම අවශ්‍යයි

    ජූලි 06, 2018

    මත්තල ශක්තිමත් ගුවන්තොටුපලක් බවට පත් කිරීමයි අවශ්‍යතාවය තිබෙන බවත් කිසි ලෙසකින් මත්තල ගුවන් තොටුපල විකුණන්නේ නැති බවත් මත්තල ගුවන් තොටුපල විශල වශයෙන් අලාභයට පත් වූ ගුවන් තොටුපලක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මත්තල ගුවන්තොටුපල සම්බන්ධයෙන් ඊයේ(5) පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමින් අමාත්‍යවරය මේ බව පැවසී ය.

    ෆ්ල්යි ඩුබායිවලට ප්‍රශ්නයක් තිබුණා මත්තල ගුවන්තොටුපලේ කුරුල්ලන් නිසා.ඒ අනුව තාවකාලිකව කුරුල්ලන් ගහන වැඩි කාලය තුළ සහනයක් ලබාදුන්න.විශාල මඟීන් සංඛ්‍යාවක් එන්නේ නෑ.ෆ්ලයි ඩුබායි නතර කළේ, ඉන්දියාවට විකිණීමට නොවෙයි.ශ්‍රී ලංකන් ගුවන්සේවයත් බෑ කිව්වා. ගුවන් තොටුපල විශල වශයෙන් අලාභයට පත් වූ ගුවන් තොටුපලක්. බිලියන 20ක් දැනට පාඩු වී තිබෙනවා. අපට අවශ්‍ය ගුවන්තොටුපල හදා ගන්නයි. ආයෝජකයින් හා ගුවන් යානා ගෙන්ව ගන්න අවශ්‍යයි.

    අපි දැන්වීම් විදේශ පුවත්පත් වල දැම්මා, කෙනෙක් ඇවිල්ල හදන්න යෝජන දෙන්න කිවා. ඒ එකක්වත් සුදුසු යෝජනා  නොවේ. වැරදි ස්ථනයක වැරදි සහිතව හදපු ගුවන් තොටුපල නිසි ආකාරය ට සකස් කරන්න ජාත්‍යනතර  සම්බන්ධ කර ගෙන ජාත්‍යන්තර පාර්ට්නර් කෙනෙක් ගෙන්න අවශ්‍ය වුණා. මේක විකුණා නෑ කාටවත්. ඉන්දියානු  සමාගමත් එක්ක ඒකාබද්ධ සමාගමක් හදලා, ව්‍යාපෘතියේ අඩු පාසු හදාගන්න, සහායකයෙක් ලබාගන්න,  ආයෝජකයෙක් සොයාගන්න  අවශ්‍යයි. ගුවන් තොටුපල ආරක්ෂා කරගන්නයි මට අවශ්‍ය වුනේ.  ගුවන් තොටුපල හදන්නයි අවශ්‍ය. මේක වෙළඳ ගුවන්තොටුපලක් පමණයි. කිසිම ඉන්දියානු අයෙකුට ආරක්ෂක කටයුතු  එන්න බෑ කියලා කොන්දේසි දමා තිබෙනවා. පනත වෙනස් කරන්න අවශ්‍ය නම් පනත වෙනස් කරනවා. මේක විකුණන්නේ නෑ. දැනටමත් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ගුවන්තොටුපල දක්වා දීර්ග කරන්න ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා. මත්තල ශක්තිමත් ගුවන්තොටුපලක් බවට පත් කිරීමයි  අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya