මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නයකත්ව පරපුරක් ඇති කරන වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා - අග්‍රාමාත්‍ය

    මැයි 06, 2018

    රටේ හරි පාලනයක් ඇති කළා. නීතිය හරියට ක්‍රියා කරනවා. කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට ඇතුළු වෙන දොරටුව විවෘත කළා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ ගමන අපි එකට යනවා. නව නයකත්ව පරපුරක් ඇති කරන කටයුතු ආරම්භ කර තිබෙනවා. තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕන '' යැයි අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (6) කොළඹ පැවැති මැයි දින සැමරුමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙවර එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම අද (6) කොළඹ,සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පෙ.ව. 9.30ට මැයි දින රැළිය ආරම්භ විය. මෙම මැයි දින සැමරුමට කම්කරු ජනතාව, වෘත්තීය සමිත නායකයින්, දේශපාලන නියෝජිතයින් සහභාගී විය.

    මැයි දිනයට බලාපොරොත්තු නොවූ සැනඟක් සහභාගී වුණා.මේ ආණ්ඩුව ගැන විශ්වාසයටත්,බලාපොරොත්තුවටත් ඔබ සියලු දෙනාටම ස්තූතී කරනවා. ශාලාවෙන් පිට ඉන්න අය ගැන සමාව ඉල්ලනවා. පැමිණීම ගැන සියලු දෙනාට ස්තූති වෙනවා. වෙසක් පෝයත්, මැයි දිනයත් එක දිනවල තිබුණ නිසා මැයි දිනය කල් තැබීමට සිදු වුණා. කාගෙවත් රැස්වීම් පවත්වන එක නැවැත්වූවේ නෑ. කම්කරුවන්ට උපාහාර කරන දිනයක් බවට පත් කරන්න කටයුතු කළා. ඇයි අපි මෙහෙම මැයි දිනයක් තියෙන්නේ කියලා අහනවා. අලුතෙන් හිතන්න පුළුවන් පක්ෂය එක්සත් ජාතික පක්ෂය.මේ රටේ කම්කරු දිනය සමරන්න අයිතිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.

    ඩී.එස්. සේනානායක මතිතුම නිදහස ලබාදුන්න කාලේ තිබුණේ කෘෂි ආර්ථිකයක්. නිදහස් අධ්‍යාපනය පස්සේ තරුණ තරුණියන් වෙනත් රැකියා බලාපොරොත්තු වුණා. ආර්ථිකාය විවෘත කරන්න තීරණය කළා. අපනයන කර්මාන්ත ඇති කරන්න පටන් ගත්තා. වෙළඳ අංශය දියුණු කළා. සංචාරක අංශය දියුණු කළා. වරාය දියුණු කරන්න. කර්මාන්ත හා සේවා වල වැඩි වීම පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂ යුගයයි. අපි අපනයනය කර්මාන්ත ඇති කළා. පුද්ගලික අංශයේ සේවකයින් ශක්තිමත් කළා.අනිත් අය පෙලපාලි යන්නේ අපි කර්මාන්තශලා දැම්ම නිසයි.

    සැම ගෙදරකම රූපවාහිනී යන්තරයක් තිබෙනවා. කම්කරුවන්ගේ අදට මුදල් දුන්නා. කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට ඇතුළු වෙන දොරටුව විවෘත කළා. එදා එක විශාල වෙළඳ කලාපයක් ආරම්භ කළාද? එකක්වත් කළේ ඒ  කාලේ. අන්තිමට විශාල එකාධිපති පාලනයක් රටේ ඇති කරන්න ගියා. අපි ඔක්කොම එකතුවෙලා, එම රෙජීමය  නැති කළා. අපි ඔක්කොම එකතු වුණා. පොදු අපේක්ෂකයෙක් දැම්මා.අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ ගමන අපි එකට යනවා. පොදු එක අරමුණක් ඇති කරගන්න ක්‍රියා කරනවා.සුදු වෑන් නැති කරන්න මාධ්‍ය නිදහස ඇති කරන්න. එදා මට බැන්න විදියට බැන්නා නම් ඒ අය යන්නේ කනත්තට යන්නේ. අද බය නැතිව ජීවත් වෙන්න
    පුළුවන්. අපේ ජනාධිපතිතුමා ලෝකයේ වටේ යනවා. අපඉ පිළිගන්නවා. ලෝකයට ගියාම පෙනවා. ලෝකයේ සහයෝගය තිබෙනවා.

    අපි ලෝකයේ කොන් වී තිබුණා, රටේ හරි පාලනයක් ඇති කළා. නීතිය හරියට ක්‍රියා කරනවා. ණය ගෙවන්න  පොළිය ගෙවන්න සල්ලි තිබුණේ නෑ. ණය ගෙවන්න සිදු වී තිබෙනවා. ආර්ථිකය කඩා වැටුණා නම් කොහොමද
    ඔබ ජීවත් වෙන්නේ. අමාරුවෙන් මෙය හදාගෙන තිබෙන්නේ. එක අරමුණක් එක්ක ණය ගෙවන්න, අනාගත පරපුරට මේ බර දෙන්නේ නැතිව රට සංවර්ධනය කරන්න අරමුණක් තිබෙන්නේ. තව අලුත් කර්මාන්ත ආරම්භ
    කරනවා. ආරම්භ කළා විතරයි. ඒවා භාගෙට හදපු ගොඩනැගිලි වගේ පේන්නේ නෑ. ආයෝජකයන් කෙරේ විශ්වාසය ඇති කරන්න. වැඩිම අපනයනය ඇති වුණේ ගිය වසරේ. තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න  ඕන.

    දැන් තමයි අනාගතයක් තියෙන්නේ කියනවා. අපිට අමාරු කාලයක් තිබෙනවා. 2017 ගංවතුර, කුණු කන්ද කඩා වැටුණා, නියඟයක් තිබුණා. ඒ කාලයේ දී කෘෂි නිෂ්පාදනය අඩු වුණා. පොහොර හිඟයක් තිබුණා. ඒ ගැන
    කණගාටු වෙනවා. අන්තිමට මුහුණ දී ඉදිරියට යන්න හැකි වුණා. හම්බන්තොට වරාය ණය ගෙවා ඉවරයි. මධ්‍යම  අධිවේගී මාර්ගය කරනව.ඡන්දය පරාජය වුණා. අපේ පාක්ෂිකයන්ගේ සමහර බලාපොරොත්තු වුණේ නෑ. මාස 18 දුවන්න තියෙන්නේ. ඒකට ලෑස්ති වෙමු.පක්ෂයට අලුත් නායක පරපුරක් ඇති කරන්න කටයුතු  කරනවා.මේක අල්ලා ගන්නට කවුරුත් හිටියේ නෑ. මම හිටියේ ස්පෙයර් වීල් එක හැටියට. අපේ නායකයින් නැති  වුණා. ඉහළ හා පහළ නායකයින් නැති වුණා. වසර 20ක කරන්න තියෙන වැඩ තියෙනවා. ඊළඟ ඡන්දයේ දී ඒ වැඩ ඉවර කරන්න කටයුතු කරමු.නව නයකත්ව පරපුරක් ඇති කරන කටයුතු ආරම්භ කර තිබෙනවා.සම්පූර්ණ  ප්‍රතිසංවිධානයක් සිදු කළ යුතුව තිබෙනවා. කණ්ඩායමක් හැටියට වැඩ කරන්න ඕන. කණ්ඩායම ඉදිරියට ගෙන  යන්න. දිනන වගකීම සැමටම බාර දෙනවා. සෑම ගමේ ම පුංචි සිරිකොතක් ඇති කරන්න බලාපොරොත්තු  වෙනවා. පුංචි සිරිකොත හදන ව්‍යාපාරයක් ආරම්භ කරමු.

    සමෘද්ධිය බාර ගෙන තිබෙනවා. අලුත් ක්‍රමයක් පටන් ගන්න ඕන. බිලියන 25ක් මාස 12ට දාලා තිබෙනවා. මාස  තුනෙන් සියයට 52%ක් වියදම් කරලා. මොකද වුණේ? මෙය බලන්න කිව්වා. සමෘද්ධි බැංකුවක් තිබෙනවා  කවුරුත් බලන්නේ නෑ.මුදල් අමාත්‍යාංශයේ පරීක්ෂණයට යටත්වන අලුත් ක්‍රමයක් ඇති කරන්න කිව්වා. මහබැංකු  පාලනයට සමෘද්ධි බැංකුව යටත් කරනවා. සාධරණ විදියට මේ කටයුත්ත කරගෙන යනවා. රැකියා ලබාදෙනවා.  උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවා. පරාජයේ හේතු හදාගෙන ඉදිරියට යන්න ඕන. බය වෙන්න එපා. රටේ  ස්ථවරභාය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.


    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා-

    මේ රටේ කම්කරු ජතාවගේ කැපවීම අධිෂ්ඨානය ,රටට ලබාදෙන දායකත්වය ගයන අවස්ථාවේ අප සියලු දෙනාම එක්වී සිටින්නේ, පුංචි මනුෂ්‍යයා වෙනුවෙන් කතා කරලා, වැඩකරලා, ශක්තිමත් ජනතා සේවයක් ඉටු කිරීමේ
    අදිටනින්. කම්කරුවාගේ දිනයේ දී ආර්ථික වර්ධන වේගය ගැන කතා කළත්, සියයට 54% යන්නේ පෝසත් ම සියයට 20%ට. මේක තමයි අපේ රටේ ආර්ථික වර්ධනයේ තත්ත්වය.මේවා පොඩි මිනිහගේ බඩට හිතට  දැනෙනවද? මුදල් පසුම්බියට දැනෙනවද කියලා හිතන්න ඕන. නැති බැරි ඇති හැකි පරතරය අවම කරන්න අප අධිෂ්ඨානය කරන්න ඕන.පොඩි මිනිසට රහ නොදැනෙන, ආර්ථික වර්ධන වේගයකින් රටට ඇති පලක් නෑ. පොඩි මිනිසා නොදැනී ආර්ථිකය වර්ධනය වෙනවා නම්, පොඩි මිනිසා එතැනමයි, පෝසත් සුළුතරය තව තවත් පෝසත් වෙනවා කියලා. මහපොළොවට පයගහන ඔබ සියලු දෙනාට ආර්ථික වර්ධනය ඇගට දැනෙන්නේ නෑ.

    යහපාලන රජය අපි ලෝකු වැඩකොටසක් කර තිබෙනවා. රාජ්‍ය සේවකයින් 14ලක්ෂයක ගේ වැටුප් 10,000කි  වැඩි කරලා,මේ ලබාදුන් ශක්තිය ඓතිහාසිකයි.ජීවන බර පහළ දැම්මා. ඉන්ධන මිල සහනය ජනතාවට  ලබාදුන්නා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවෝදයක් ඇති කළා. ඖෂධ මාෆියාව සුණු විසුණු කර ඖෂධ මිල පහළ  දැම්මා. දැවැන්ත වැඩකොටසක් අපේ රජය ඉටු කළා.රජයක් හැටියට සදාචාර අයිතියක් නෑ, ටිකක් බලමු කියලා
    කියන්න.මම කියනවා, මේ රටට බත සපයන වී ගොවිය පමණක් නොවේ, සැම ගොවියෙකුටම පාඩමක්  ඉගැන්විය යුතුයි. ඊළඟ අයවැයෙන් සෑම ගොවියෙකුට නොමිලේ පොහොර ලබාදීම අපේ ජයග්‍රහනයට හේතු  වෙනවා.රට ගැන මාතෘභූමිය ගැන සිතලා අඳහස් ඉදිරිපත් කරන්නේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා, 43 ලක්ෂයකට නිල ඇදුම ලබාදුන්නා. ප්‍රේමදාස මහතා ලබාදුන්න නිල ඇදුම ලබාදීම නේද බලාපොරොත්තු වෙන්නේ.රට  බාරගන්න ඉන්නේ මේ රටේ දරු පරපුරයි. නිල ඇදුම් කට්ටල දෙකක් අපි ලබාදෙන්න ඕන. පාසල් දූ දරුවන්  වෙනුවෙන් යුතුකම ඉටු කරන්න ඕන. උපාධිධාරීන්ට රැකියා ලබාදිය යුතුයි. උසස පෙළ සමත් අසමත්,සාපෙළ
    සමත් සහ අසමත් අනිවාර්යෙන් ම රජයේ රැකියා ලබාදෙන්න ඕන. ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම,නාගරික  ආර්ථිකය නඟා සිටුවීම කළ යුතුයි.


    තිසරසර සංවර්ධන,වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා-

    අප රැස්ව සිටින්නේ දෙවියන් බඳු වූ පෙරමුණේ කම්කරුවාට ගරු කරන්නයි. අපේ යුක්තිය කම්කරුවා වෙනුවෙන් ඉටු කළ යුතුයි. එළන දහඩිය කඳුළුවලින් යම්කිසි කෙනෙක් සැපපහසුව ජීවත්වෙනවා , ඒ ජීවත් වෙන්නේ ඒ හෙළන දහදිය නිසයි. එක්සත් ජාතික පක්ෂය කම්කරුවා කවදාවත් අමතක කර නෑ. කම්කරුවා ආරක්ෂා කිරීම කම්කරුවාගේ ආනාගතය ගොඩනැඟීම අපේ යුතුකමක්. කොළඹ ආර්ථිකය ගොඩනගන්නේ කම්කරු ජනතාවයි. කොළඹ අහිංසක ජනතාවට තිබෙන විශාල ප්‍රශ්නය නිවාස ප්‍රශ්නයයි.නිවාස ප්‍රශ්නයට විශාල පියවරක් ඉදිරියට තැබිය යුතුයි. කොළඹ නිවාස ප්‍රශ්නයට අවධානය යොමු කළ යුතුයි. පළාත් පාසල් දියුණු කරන්න කටයුතු කළ යුතුයි. දුප්පත්ද රුවන්ගේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වෙනවා. අපේ පක්ෂයට කම්කරු ඇමැතිවරයෙක්  ඉන්නවා. දැන් කම්කරුවා රජකරවන වැඩපිළිවෙලක් ගැන සිතන්න පුළුවන්. සමෘද්ධි ඇමැතිකෙනෙක් ලැබී තිබෙනවා. සමෘද්ධියෙන් එදා දේශපාලනයක් කළා. වෙනත් ගමනක් යන්න වෙනවා. විශාල යුග පෙරළියක්  කරන්න වෙනවා. ජනතාවාදී සමෘද්ධියක් හදලා, දේශපාලන දූෂිත බලවේගයට තිත තියන්න කටයුතු  කරන්න.කම්කරුවාට සේවය කරන්න අනම් දූෂණයෙන් තොර දේශපලනයක් හා රටක් තිබිය යුතුයි.

     

    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-

    අලුත් වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. ඒ වැඩ සියල්ල ඉදිරි මාස තුළ වැඩ කරන නායකයින් පිරිසක් බිහි  කරනවා. තනතුරුවලට යට වෙන්න එපා. ගමේ රන්ඩු කරන්න එපා. තතුරු වරප්‍රසාද ඕන නෑ. හදවත තිබෙනවා  නම් වැඩකරන්න.පරිනත නායකයෙක් ඉන්නවා. විශාල දියුණුවක් ආණ්ඩුව තුළින් ලැබෙන පෙරනිමිති තිබෙනවා.  ගහන්න ගහන්න අප තවත් ඉදිරියට යනවා.

     

     

    නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකාරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා-

    රාජ්‍ය සේවකයින් වැටුප් වැඩි කරන්න උත්ඝෝෂණ කළේ නෑ. පසුගිය රජයේ ඇති කළ සයිටම් එකට විරුධව උද්ඝෝෂණ කළා. රජයේ න්සේවකයන්ටත් පෞද්ගලික සේවකයින්ටත් සහන ලබදෙනවා. වසර 2020 වන තෙක්
    මෙරටේ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන ආණ්ඩුවකුයි පවතින්නේ. අද සහෝදරත්වයෙන් මැයි දිනය සමරනවා. රුපියල් 10,000ක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළා. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම නීතිගත  කළේ, මේ රජයයි.


    වැවිලි කර්මන්ත අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා-

    මෙම ඓතිහාසික අවස්ථාවට සම්බන්ධ වෙන්නේ ජාත්‍යන්තර කම්කරු සටන කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරකින අවස්ථාවක.අර්ථසාධක අරමුදල,කම්කරු නීති හදුන්වා දුන්නා. අපි කම්කරු ජනතාවගේ පක්ෂයක් ලෙස
    කම්කරුවන්ට සැලකිය යුතුයි. නායකයින් රාශියක් ජනතාව වෙනුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. වැදගත් මංසන්ධියකට ඇවිත් තිබෙනවා. දෙවැනි නායකත්වයක් ඇති කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. අප අතර මතවාද සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුයි.නුදුරේ ම උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආරම්භ කර තිබෙනවා. පොහොර සහනාධාර එළෙස ලබාදෙනවා. අපේ සංස්කෘතියක් තිබෙනවා. ඊට රස්සා ගැබ්
    වී තිබෙනවා.


    අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා-


    මැයි දින සැමරුම පවත්වන්නේ, ආණ්ඩුව පෙරලන්න විශ්වාසභංග යෝජනාව අප දැවැන්ත පරජයට පත් කර ආණ්ඩුව ශක්තිමත් වූ මොහොතක.ගමෙන් ඇවිල්ල පක්ෂයේ මහලේකම් වෙලා ආඩම්බර වෙනවා මේ මැයි දින
    සැමරුම පැවැත්වීමට හැකිවීම ගැන.මේ කාරණා දෙන වැදගත්. කවුරුත් දැනගෙන නොවෙයි මම පක්ෂයට ආවේ.පක්ෂය හැමෝටම පණිවුඩයක් තිබෙනව, පක්ෂය තනි අයිතියක් ත්යක් තිබෙන පක්ෂයක් නොවේ. සිරිකොත ගමට ගෙන ය යුතුයි. 2020 සටන ආරම්භ කළ යුතුයි.මාම් මහලේකම් ලෙස පූර්ණ කැපවීම කරන්න කැමැතියි.මට වසර තුනක් තුළ හැකි වුණා ප්‍රශ්න පත්‍ර පිටවෙන එකේ ඉදලා අධ්‍යාපනයේ විශ්වසනීයත්වය ඇති කරන්න හැකියාව ලැබුණා.දැවන්ත සංවිධානයක් හෙට සිට ආරම්භ කළ යුතුයි.



    විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය ලේකම් අජිත් පී.පෙරේරා මහතා

    2015 රජයට බලයට පත්වනවිට ජනතාව තුළ විශාල අපේක්ෂාවන් තිබුණා. එකාධිපති ආණ්ඩුවක් පරාජය කළාට පසු ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ආධිපත්‍ය ඇතිකරලා, යුක්තිගරුක සමාජයක් ඇති කිරීම හැමටම තිබූ හැඟීමක්. දූෂිතයන්ට, මිනීමරුවන්ට නියමිත තැනට යවන්න තවම බැරි වෙලා තිබෙනවා. බාධා මැඬගෙන මේ රටේ ත්‍රිපුද්ගල මහාධිකාර්ණ පිහිටුවලා, පරණ හොරුන්ටත් අලුත් හොරුන්ටත් දඬුවම් ලබාදෙන අධිකරාණ පද්ධතියක් පිහිටුවනවා. හොරුන්ට පක්ෂ පාට වෙනසක් නෑ.මහබැංකුවේ බරපතල දූෂණයක් වෙලා, රජය මෙන් ම පක්ෂය බරපතල තත්ත්වයට පත් කළා. අපේ පක්ෂයේ නම පිරිසිදු කළ යුතුයි. එජාපය හොරු ආරක්ෂා කරන පක්ෂයක් නොවේ. නායකතුමා හොරු ආරක්ෂා කරන්න නායකයෙක් නොවේ. ඊළඟ වසර තුළ නීතියේ ක්‍රියාපටිපාටිය තුළ සොරුන් හිර ගෙදර දක්නන්න වරම ආශිර්වාදය ජවය ලබාදෙන්න. රාජ්‍ය සේවය ශක්තිමත් කර තිබෙනවා. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් යුතුකම් ඉටු කර අතිබෙනවා.ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබෙනවා.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත් සේනාරත්න මහතා-

    ජනවාරි 08 මිනිසුන්ගේ ප්‍රාර්ථනය තිබුණේ, කවදද හොරුන්ව නීතිය ඉදිරියට ගේන්නේ කියලා. ටොන් ගණනක් පසුගිය කාලේ හොරකම් කතා කළේ නෑ. සමෘද්ධිය කපලා තිබුණා. අපට සමෘද්ධි ඇමැතිවරයෙක් ඉන්නවා. දේශපාලන පලිගැනීම් තිබෙනවා. මේ වසර තුළ සෑම දේශපාලන පලිගැනීම්වල වන්දි මුදල් ලබාදෙනවා. 2018 මේ ආණ්ඩුවේ ජයග්‍රහනයේ වසරයි.

     

    කොළඹ පුරපති ,රෝසි සේනානායක මහත්මිය-

    මෙවර මැයි රැළිය පවත්වන්නේ ජයග්‍රහන රැසක් අත්කරගත් පසුවයි. නායකත්වයට එල්ල වූ විවිධ බලපෑම් පරාජය කර අසම සම නායකත්වය ඔප්පු කර හමාරයි. විවිධ බාධක මද්දේ යහපාලන ආණ්ඩුවක් පවතින්නේ ඔබතුමාගේ කැපවීම හා දූරදර්ශී නායකත්වය නිසයි.කාන්තා ශ්‍රමබලකාය ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යතුමා වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. වසර 2020 වනවිට සියයට 40%ක කාන්තා ශ්‍රම බලකායක් ඉහල නැංවීමට කටයුතු කර තිබෙනවා.ඒ සඳහා අඬිතාලම දමා තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya