මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරි විජයබා මහා පිරිවෙනේ දෙමහල් පිරිවෙන් ශාලා ගොඩනැගිල්ල සහ කාර්යාල ගොඩනැගිල්ල සඟසතු කිරීම ජනපති සුරතින්

    මැයි 06, 2018

    පොළොන්නරුව, ඓතිහාසික පුරාණ ඉසිපතනාරාම, රජමහාවිහාරස්ථ සිරි විජයබා මහා විහාරස්ථානයේ දෙමහල් පිරිවෙන් ශාලා ගොඩනැගිල්ල සහ කාර්යාල ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

    විවිධ ක්ෂේත‍්‍රවල පවත්නා ගැටලු සදහා විසදුම් සෙවීමේදී බෞද්ධ සමාජය ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ සියලුම ජාතීන් සහයෝගයෙන් ජීවත් වීමේ වැදගත්කම මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම පිරිවෙන් දෙමහල් ගොඩනැගිල්ල හා කාර්යාලය ඉදිකෙරිණි.

    මෙහිදී පිබිදෙමු පොළාන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විවිධ ක්ෂේත‍්‍ර තුළ සිදුකළ සංවර්ධන කටයුතු පිළිබදව සිහිපත් කළ ජනාධිපතිතුමා එම සංවර්ධන කටයුතු මගින් පුලතිසි ජනතාව දශක ගණනාවක් පුරා සේවය ලබාගන්නා ආකාරය පිළිබ`දව ද සිහිපත් කළේය.

    ඉසිපතනාරාම රාජමහා විහාරාධිපති, පොළොන්නරුව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අතිපූජ්‍ය උඩගම ශ‍්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ උතුරුමැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, තමන්කඩුව නගරාධිපති චානක සිදත් රණසිංහ, තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති පේ‍්‍රමසිරි මුණසිංහ, ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

    මීට සමගාමීව පොළොන්නරුව, ඉසිපතන මාවත, ඉසිපතන ළමා උද්‍යානය ද ජනාධිපතිතුමාගේ සුරතින්   විවෘත විය.

    ලෝක බැංකුව සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ මූල්‍ය අනුග‍්‍රහයෙන් පළාත්පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ළමා උද්‍යානය ඉදිකොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya