අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ පලතුරුවලට විශේෂ අවධානයක්

    ජූලි 15, 2014
    වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ පලතුරු කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇති බවත් ඒ සඳහා හොඳ මිලක් ලැබී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) හොරණ කනන්විල පලතුරු භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පැවැති පලතුරු ප්‍රවර්ධන සතිය හා පලතුරු සැණකෙළියේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.
     
    පසුගිය කාලේ විශාල වශයෙන් ඇපල්, දොඩම්, මුද්දරස්පලම් පිටරටින් ආවා. දොඩම් පැළයක් ඉන්ද ගත්තේ නෑ. එතකොට රඹුටන් ගෙඩියකට මිලක් නෑ. කටු අනෝදා, වැලි අනෝදාවලට මිලක් තිබුණේ නෑ. දැන් අක්කර 125ක් එක්කෙනෙක් කටු අනෝදා වවනවා. බලන්න මොන තරම් වටිනවද කියලා. මේවා පිටරට යවනවා. 
     
    2005 වසරෙන් පසුව මේ රටේ රාජ්‍ය සම්පත් විකුණන ප්‍රතිපත්තිය අවසන් කළ බවත් පිටරටින් කෑම ගෙනෙන ප්‍රතිපත්තිය අත්හැරි බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා අද අපි ස්වයංපෝෂිත ව ඇති බවත් කෘෂිකර්මාන්තයෙන් ජයග්‍රහණ අත්කරගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    "කොළඹ එදා කුණු ගොඩක්. ගඳ ගහනවා යන්න බෑ. අද ඒක වෙනස්වෙලා. අද අපි පිරිසිදු රටක ජීවත් වෙනවා. නිදහස් රටක ජීවත් වෙනවා. අද නිදහසේ රට පුරා ඇවිදින්න පුළුවන්. එක නගරයකට සීමා වූ සංවර්ධනය අපි රටටම ලබා දුන්නා".
     
    අපේ සංස්කෘතිය, සාහිත්‍ය මේ සියල්ල ගොඩනැගුණේ අපේ කෘෂිකර්මාන්තය වටා බවත් අතීත ශිෂ්ටාචාරය ගොඩනැගුණේ කෘෂිකර්මාන්තය තුළින් බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා එය රැකගනිමින් අනාගත පරපුරට තිළිණ කරන්න කරන කාර්යයන් දැඩි ලෙස අගය කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya