නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
මෙරට පැරණි යල්පැන ගිය නීති තිබෙනවා. රටක් නවීකරණයට යනවා නම් ගැසට් එකකඉන් බඩු මිල අඩු කරලා නොවේ. මුදල් අමාත්‍යවරයා පැරණි නීති වෙනස් කිරීම වෘත්ති කරණය කරන්න හදනව. මහා භායනක බිල්ලෙක් මවා පාන්න හැදුවා.
ජනතාව නොමඟ යනව්ග යවන්න හිටපු අධ්‍යාපන අමාත්‍යතුමා බිල්ලෝ මවනවා. බිලියන තුනක් අධ්‍යාපනයට යොමු කර තිබෙනවා. බොරු චිත්‍ර මවන්න එපා. ඕනාම ආණ්ඩුවකට ආර්ථික අභියෝග එනවා.
අපි සාධාරණ ආර්ථික පදනමකට රට යොමු කර තිබෙනවා. අපට මේ වනවිට හැකි වී තිබෙනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න. සුරාබදු,රේගු ආදායම වැඩි කරගෙන තිබෙනවා. වෙනසක් ඇති කරගන්නේ මේවා ඵලදායි ආදායම් මූලශ්‍ර බවට පත් කරගන්නයි.
රජ්‍ය ආදායම නැවත ගොඩනැගෙමින් තිබෙනවා. රට එක තැනක තිබීම අවශ්‍ය නෑ. දියුණු වෙන්න අවශ්‍යයි. සමහර වෙලාවට ජනප්‍රිය තීන්දු නොවේ ගන්න වෙන්නේ.මේ ඉදිරිපත් කළ අයවැය පාර්ලිමේන්තුවේ නොමැකෙන සටහනක් තැබූ අයවැයක් බව කිව යුතුයි. අයවැය නව සම්ප්‍රදායක් මෙතැන් පටන් ඇතිවෙයි කියා සිතනවා. බොහොම දුර බැලූ අයවැයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.