ජාතියේ අනාගතය වූ දරුවන්ට සුරක්ෂිත රටක් ගොඩනැගීමට සියලූදෙනා සාමුහිකව වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ද රජය කැපවී සිටින බව ජනපති අවධාරණය කළේ අද (10) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.
ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂා කර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව දරුවන් සුරකිමු ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කරගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන අපයෝජනය සහ අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාවට නැංවේ.
මෙම සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ පාසල, මහමග, නිවස ඇතුළු සමස්ථ සමාජයම දරුවන්ට ආරක්ෂිත ස්ථාන විය යුතු බවයි.
දරුවන්ගේ හැසිරීම් අවබෝධ කර ගනිමින් වැඩිහිටියන් ඔවුන්ට රැකවරණය ලබාදිය යුතු අතර, බාහිරින් දකින දේ තුළින් තීන්දු තීරණ නොගෙන, ඔවුන් අභ්‍යන්තරව මුහුණ දෙන කායික සහ මානසික මෙන්ම සාමාජයීය ගැටලූ පිළිබඳව ද සොයා බැලිය යුතු බව ජනපති පැවසිය.
දරුවන් සුරකිමු ජාතික වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවීම රජයේ අරමුණ වන අතර, ඒ සඳහා වූ තුන් අවුරුදු සැලැස්ම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 524 ක් බව ද ජනාධිපතිවරයා පැවසීය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනිමට සියලූ රාජ්‍ය නිලධාරින් අදාළ ආයතන සමග පුළුල් වගකීමකින් කටයුතු කරනු ඇති බවට ද විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා රටේ සාමාන්‍ය නීතිය සහ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති නීතිමය තත්ත්වයන් පිළිබඳ පාසල් සහ ග‍්‍රාමීය මට්ටමින් දරුවන් දැනුවත් කිරීමට නීතිඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරියේදී රටපුරා යෙදවීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
'දරුවනේ ඔබව සුරකින්න' තේමාව යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ග‍්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන්ට වඩා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා තෝරාගත් ළමා නිවාස 05 ක් නවීකරණය හා ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් ප‍්‍රතිලාභ ලබාදීම, වකුගඩු රෝගී අවදානමෙන් දරුවන් මුදා ගැනීම සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති පාසල් 20 කට ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පිරිපහදු කට්ටල ලබාදීම, තිරසර පාසල් වැඩසටහන යටතේ තෝරාගත් පාසල් 381 ක් සඳහා එක් පාසලකට රුපියල් 50,000 බැගින් ප‍්‍රතිපාදන ලබාදීම හා ආබාධ සහිත පාසල් දරුවන් සඳහා රෝද පුටු ලබාදීම සහ පූර්ව ළමා විය සංවර්ධනය සඳහා තෝරාගත් පෙර පාසල් 45කට අවශ්‍ය පහසුකම් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.