අමාත්‍යවරයා මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
අපි අවුරුදු ගණන් අයවැය ගැන කතා අසා තිබෙනවා. ජීවන වියදමට සහන දෙන්න අපි කටයුතු කරනවා. අයවැය යෝජනාවට පෙර විශාල වෙනසක් කළා මහජනතාවගේ භාණ්ඩ ගැන.
අර්තාපල්, ලූණු, පරිප්පු, කරවල, එළවළු තෙල් සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. පාරිභෝගිකයන්ට අඩු කළ මිලට භාණ්ඩ ලබා ගැනීමට අයිතියක් තිබෙනවා. සහල් මිල අඩු කර තිබෙනවා.
මේ සහන ජනතාව ලබා ගන්න. බදු ආදායම රුපියල් බිලියන 2034 ක්. 2014 වසරේ ආදායම බිලියන 1050 යි. එය වසර 2017 වන විට රුපියල් බිලියන 1749 ක් වෙනවා. පසුගිය ආණ්ඩුවේ ආර්ථික
වර්ධනයක් තිබුණා තමයි. නමුත් එම රෙජීමය තුළ බදු ආදායම් කවුද ගිල්ලේ කියලා සොයා බැලිය යුතුයි. මේ අයවැයේ සුබ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. රටේ තිබෙන ආර්ථික ස්වාභාවය අනුව දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමාණයට ආර්ථිකය දියුණු වුණේ නැත්නම් වෙනත් උපක්‍රමවලට යා යුතුයි. පිටරටවලින් ණය ලබා ගැනීම එක උපක්‍රමයක්. පසුගිය ආණ්ඩු කළේ එය. ණය දෙන්න කැමැති නැත්නම් ඒ අය පොලී වැඩි කරනවා. එහෙම ණය ගැනීමෙන් හොඳකුත් තිබෙනවා. එනම් ජනතාව හිතනවා, අපෙන් බදු අය කරන්නේ නැහැ කියලා. අයවැයෙන් ජනතාව නිර්වින්දනය කරනවා. එතකොට ජනතාව හිතනවා හොඳ අයවැයක් කියලා. තාවකාලිකව මුදල් අච්චු ගහන්න පුළුවන්. එයතවත් උපක්‍රමයක්. එමඟින් අයවැය පරතරය අඩු කර ගත හැකියි. එවැනි විටදි උද්ධමනය වැඩි වෙනවා. 2015 වසර වන විට ආවේ ඒ උද්ධමනය. ඒ නිසා තමයි ජනතාව ඡන්ද පොළට ගිහිං පිළිතුරක් ලබාදුන්නේ. විදේශීය ආයෝජන මෙරටට ගෙනැවිත් සාමූහික ව්‍යාපාර ආරම්භ කළ යුතුයි. එමඟින් ලැබෙන මුදල් රටේ ආර්ථිකයට යොදා ගත යුතුයි. ආර්ථිකය දියුණුවට අලුත් දර්ශනයක් තිබිය යුතුයි.
මේ අයවැය යෝජනාවලින් එක් පැත්තකින් එදිනෙදා මහජන ගැටලුවලට පිළිතුරු දෙනවා. එසේම රටේ අනාගතයටත් විසඳුම් දෙනවා. හවුල් ව්‍යාපාර ගැන සංවාදයක් ඇති කළ යුතුයි. පෞද්ගලීකරණය කරන්න කියලා මේ රජයෙන් කියන්නේ නැහැ. ලිහිල්කරණය හා පෞද්ගලීකරණය කියන්නේ දෙකක්. විදේශීය ආයෝජන මෙරටට ගෙනා යුතුයි. රට නූතන ලෝකයට යන්න ඕන. එදිනෙදා මුදල් පරිහරණය ගැන මේ අයවැයෙන් කතා කළත් අනාගතය ගැන දැක්මක් මෙහි තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පවසී ය.