ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාවේ යෝජනා පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (2) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් අද වනවිට රටපුරා සාකච්ඡා කරනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව පවතින ව්‍යවස්ථාව සංශෝධනය ප්‍රමාණවත් බවට ඇතැමුන් පවසනවා. නමුත් අපිට වගකීමක් තිබෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළා 1978 වසරේ දී තව එකක් සකස් කළා. මේ ව්‍යවස්ථා දෙකම සකස් කළේ ජනතා අනුමැතියකින් තොරවයි. මේ ව්‍යවස්ථා සකස්කරන විට සුළු ජාතීන් ඉවත් වුණා. නමුත් මේ අවස්ථාවේ රටේ සෑම ජන කොටසකටම අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දී තිබෙනවා. ජනමත විචාරණයකට යායුතු නැති සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනඑන බවට පැවසුවා. වත්මන් ආණ්ඩුව ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකව බලය බෙදීමට එකඟයි. මේ රටේ සියලු ජනතාවට ප්‍රයෝජනවත් ලෙස එය කරන්න අපි එකඟ වෙනවා. 13 වැනි සංශෝධනය යටතේ උපරිම බලය බෙදන්න එකඟයි. මේ කාර්යය සඳහා දෙමල ජාතික සන්ධානය එක්වීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. ඒකීය රටක් තුළ අපි කටයුතු කළයුතු වෙනවා. අපි සියලු දෙනාම මේ අවස්ථවේ ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු කළයුතු වෙනවා. අද වනවිට යුද්ධය අවසන්කර තිබෙනවා. මේ රටේ ජාතීන් අතර සමඟිය, සංහිඳියාව ඇතිකරන්න කටයුතු කළයුතු වෙනවා.
අපේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම අපට පැවරි ඇති වගකීමක්. පසුගිය මැතිවරණවලදී සියලු පක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා බොහොමයකට අගමැතිතුමා එකඟ වන බව කිව්වා.අපි බලය බෙදීමට එකඟයි.සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාවන බලය බෙදීමකට එකඟයි. ජාතික සංහිදියාවට අප කටයුතු කළ යුතුයි.නැවත යුද්ධයක් ඇතිනොවීමට විධිවිධාන ව්‍ය්වස්ථාවට ඇතුළත් කළ යුතුයි.