නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික සැලසුම් කරණයට ඒකීය භාවය වැදගත්-

    නොවැම්බර් 01, 2017

    ආර්ථික සැලසුම් කරණයට ඒකීය භාවය වැදගත් වන බව  මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

     

    තෙවැනි දිනටත් විවාදයට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව විවාදයට එක්වෙමින් අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    මීට පෙර සෑම ව්‍යවස්ථාවක්ම පැමිණියේ පක්ෂවල බල උවමනාවන් සමඟයි. නමුත් මේ නව ව්‍යවස්ථා යෝජනා පැමිණියේ සියළු දෙනාගේ අදහස් හරහායි. රටකට ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ බහුතරයේ බහුතරයත් සුළුතරයේ බහුතරයක් කැමැත්ත මත  විය යුතුයි.

     

    ඉදිරි කාලයේ ශ්‍රී ලංකාව ශක්තිමත්ව ඉදිරියට යාමටනම් ඩිජිටල් වේදිකාවට අවශ්‍ය තාක්ෂණික වෙනසක් කරගත යුතුයි. මේ ව්‍යවස්ථාව පිළිබඳ අපේ දාර්ශනික එළඹුම තමයි රාජ්‍ය ස්ථාරවත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයයි. රටේ ස්ථාවරත්වය සඳහා බලය කේන්ද්‍රකර ගන්න ගියහොත් අවිනිස්චිත තැනකට යා හැකියි. රටේ ඒකීය භාවය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් අපේ මතය පැහැදිළියි. දැනට තිබෙන දෙවන වගන්තිය එලෙසම පැවැත්විය යුතු බව අපේ මතයයි.

     

    ආර්ථික සැලසුම් කරණයට ඒකීය භාවය වැදගත් වෙනවා. පරිසරයේ ස්ථාවරත්වය පිළිබඳ අප ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි. උතුරේ ජනතාවට දකුණට එන්න දකුණේ ජනතාවට උතුරට යන්න ඒකීය භාවය අවශ්‍යයි. ලාංකීය දෙමළ ජනතාවගෙන් සියයට 45ක් උතුරේ ජීවත්වෙන්නේ. උතුරට පමණක් බලය බෙදීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. උතුරේ දෙමළ ජනතාව නියේජනය කරන දෙමළ පක්ෂ ආණ්ඩුවට එකතු වෙලා තමන්ගේ ජනතාවට සේවය කිරීම කළ යුතුයි. අනාගමික රාජ්‍ය සංකල්පය යුරෝපයෙන් පැමිණි එකක්.

     

    රටේ ඉතිහාසය ගත්තත් ලෝකයේ ඉතිහාසය ගත්තත් ආගමික ඇදහිළි තිබෙනවා. මේ රටේත් බෞද්ධ ශිෂ්ටචාරයක් තිබෙනවා. ඒක මේ රටේ අනන්‍ය කොටසක්.දැනට තිබෙන ව්‍යවස්ථාවේ සෑම අගමික ඇදහීමක් එකතුවීමක් සහතික කර තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය කාරණයක් ඇදගත යුතු නැහැ. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියන අය ඒ අයගෙ පක්ෂවලින් ජනාධිපතිවරයෙක් පත් කර ගන්න බැහැ.  නමුත් අපි කියන්නේ ජනාධිපති අත්තනෝමතික බලතල අහෝසි කර  ජනාධිපති තනතුර ප්‍රජාතාන්ත්‍රිකරණය කළා. අපි හදන මැතිවරණක්‍රම කුමක් වුණත් ස්ථාවර පාර්ලිමේන්තුවක් වෙනුවෙන් දිනන පක්ෂයට ආණ්ඩුකරණයට අවස්ථාව තිබිය යුතුයි.

     

    දෙවැනි තැනට පත්වන පක්ෂයට පාර්ලිමේන්තුවේ නිසි නියෝජනයක් ඇති විය යුතුයි. දෙමළ ජනයා ප්‍රධාන දේශපාලන ධාරාවෙන් අයින් වුණ නිසා එම ජනතාවට ලැබෙන්න ඕන දේවල් ලැබුණේ නැහැ.ඒ නිසා දෙමළ නායකයින් මේ ප්‍රධාන පක්ෂ හරහා දේශපාලන ප්‍රවාහයට පැමිණ තමන්ගේ අනන්‍යතාවයක් රැකගෙන තමන්ගේ  ජනතාව සහන  ලබාදිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya