නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා ක්‍රියාවලිය තුළ විශ්වසනීයත්වයක් හා නීත්‍යාණුකුලභායක් දකිනවා - නොබෙදුණු ස්වාධීන ශ්‍රී ලංකාවක් තහවුරු වෙනවා

    නොවැම්බර් 01, 2017

    ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ විශ්වසනීයත්වයක් හා නීත්‍යාණුකුලභායක් දකිනවා. ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ රටේ පළමු වරටයි රටේ සමස්ත ජනතාව සහභාගී වන්නේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළින් නොබෙදුණු ස්වාධීන ශ්‍රී ලංකාවක් තහවුරු වෙනවා.රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ වෙනවා. මෙහි අරමුණ සාමකාමී සමෘද්ධිමත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම යැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

    තෙවැනි දිනටත් විවාදයට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමින් අද (01) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායකවරයා මේ බව පැවසී ය.

    අතුරු වාර්තව ගැන විවාදය කරන්නේ.මෙය ඉතාම වැදගත් සහ ඓතිහාසික විවාදයක්. දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු  ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අපි අපේ රටේ ප්‍රධාන පක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් සම්පාදනය කළා . එකඟතා තිබුණේ නෑ. මෙය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභහාවක්. මහජන අඳහස් සැළකිල්ලට ගත්තා. මේ සියලු දේ වැදගත් කාර්යයක් ලෙස සළකන්න පුළුවන්. නිසි ක්‍රියා පටිපාටිය තුළ සිදු වී තිබෙනවා.

    මේ ක්‍රියාවලිය තුළ විශ්වසනීයත්වයක් හා නීත්‍යාණුකුලභායක් අප දකිනව. පූර්ණ එකඟතාවයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිවිය යුත්තේ. රටේ උත්තරීතර නීතියයි සම්පාදනය වන්නේ. රටේ සියලු ජනතාවගේ විශ්වාසය,නීත්‍යාණුකූලභාවය ඒ තුළින් ක්‍රියාත්මක විය යුතුයි.

    මේ තුළින් ජනතා ස්වාධිපත්‍යයයි ක්‍රියාත්මක වන්නේ. එය අහිමි කරන්න බෑ. මේ රටේ පළමු වරටයි රටේ සමස්ත ජනතාව සහභාගී වන්නේ. ඒ තුළින් නොබෙදුණු ස්වාධීන ශ්‍රී ලංකාවක් තහවුරු වෙනවා. රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ වෙනවා. සාමකාමී සමෘද්ධිමත් රාජ්‍යයක්  බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි මෙහි අරමුණ.

    අපි අතීතයේ පාඩම් ඉගෙනගෙන තිබෙනවා. රජයේ සම්පත් යුද්ධය නිසා නාස්ති වුණා.මේ රටේ ජනතාව හැකි වුණේ නෑ, තම අයිතිවාසිකම් ලබාගන්න. එකට එකතු වී ගමන් කිරීම කළ යුතුයි කියන එක මතය වුණා. එසේ නොකළොත් මේ රටට විශාල හානියක් වෙනවා.

    දේශපාලන හා පුද්ගල අභිමතාර්ථ පටු චේදනා ඔස්සේ කටයුතු කරන බව පේනවා.රටේ ප්‍රජාතන්ත්‍රභාවය,බහු විවිධත්වය තුළින් බලපොරොත්තු වන්නේ රටට යහපතක්. ඒ තුළින් සියලු දෙනා එකිනෙකාට සහයෝගයෙක් කටයුතු කරන තත්ත්වයට පත් කරන්න ඕන නොබෙදුණු ශ්‍රී ලංකාවක් බවට පත් කිරීම මේ සම්පූර්ණ අරමුණ.

    ව්‍යවස්ථාමය විධායක බලය ක්‍රියාත්මක විය යුතුයි නිසි ලෙස ඒ මට්ටම් තුල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලය බෙදීම සිදුවිය යුතුයි. එය අවතක්සේරු නොකළ යුතුයි. අපි තහවුරු කළ යුතුයි බලය බෙදන බව.රජය කටයුතු කරන්නේ දේශපාලනමය මූලධර්ම මතයි. ඒ තුළින් ආණ්ඩුක්‍රමය පැහැදිළිව කළ හැකියි.පාලන ක්‍රමය කාර්යක්ෂම සිදු කරන්න හැකි වෙනවා. විවිධත්වය තුළ ඒකීයත්වය ගොඩනැඟීමට දායක විය යුතුයි.

    නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි. සෑම පක්ෂයකට ජාතික ප්‍රශ්නයට තමන්ට ආවේණික විසඳුම් තිබෙනවා. අලුත් ශ්‍රී ලංකාවට ආවේණික විසඳුමක් නිර්මාණය කළ යුතුයි කියන අඳහස තිබුණා. බලය බෙදීම තුළින් තහවුරු කළ යුතුයි සමාජ ආර්ථික සක්‍යතාවය.   ජාතික ප්‍රශ්නයට පුළුල් සාකච්ඡාවකින් විසඳුමක් අවශ්‍යයි යැයි විපක්ෂනායකවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya