නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.
අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැ කියලා කවුරු හරි කියනවා නම් එය ජනතාවගේ මතය නොවේ, ප්‍රධාන පක්ෂ දෙකේ මතය නොවේ. ප්‍රශ්නය වන්නේ මේ රටට අවශ්‍ය කරන ව්‍යවස්ථාවේ හැඩයයි. ඒ ව්‍යවස්ථාවේ ආකෘතිය පිළිබඳව ඕනෑම මන්ත්‍රීවරයකුට කතාකරන්න අයිතිය තිබෙනවා.
එයට එරෙහිව බෝම්බ ගහනවා කියනවා නම් එය ත්‍රස්තවාදයක්. එය දේශප්‍රේමී ලකුණක් නොවේ.මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු වලට එරෙහිව බෝම්බ ගහන්න තර්ජනය කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්න්මක කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය පෙනී සිටින්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළයි. වචනය නොවේ වැදගත්,සළකා බැලිය යුත්තේ ඒකීය ද යුනිටරි ද කියන වචනය නොවේ. අපි පෙනී ඉන්නවා උපරිම ප්‍රමාණයක් බලය විමධ්‍යගත කරන්න.
සංවර්ධන පිළිබඳ උපායමාර්ගයක් ලෙස බලය විමධ්‍යගත කළ යුතුයි. සාමාන්‍ය මිනිසුන්ගේ බරක් දරන්නේ ප්‍රාදේශීය සභාව මහනගර සභාව,නගර සභාවයි. පළාත් පාලන ආයතනවල බලය ශක්තිමත් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතික්‍රමය හඳුන්ව දුන්නා. සාර්ථකව රටේ ක්‍රියාත්මක වුණා.ඒකාධිපතිවරු වූ හැටි දුටුවා. රටේ අනාගතය වෙනුවෙන් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය අඳහස් ගෙනවා. විධායක අගමැතිවරයෙක් හඳුන්වා දෙන්න යනව කියන එකට කිසිම තර්කයක් නෑ.
පුරවැසියන් වෙනුවෙන් නීති හදන ආයතනය ජනතාවට වගකිව යුතුයි. මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ බුදු දහම ගැන විවාදයක් ඇතිවෙලා. බුදු දහමට ඇති ප්‍රමුඛතාව මතු කිරීම, ප්‍රජතන්ත්‍රාවාදයට එරෙහි අවස්ථාවාදී දේශපලඥයින්ට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. නව වැනි ව්‍යවස්ථාවේ එක අකුරක්වත් වෙනස් කරන්න අවශ්‍ය නෑ.එසේ වුණොත් අන්තවාදීන්ට අවස්ථාව ලැබෙනවා.ජාතික ආරක්ෂාව හා සමානව වැදගත් ක්ෂේත්‍රය බලශක්ති සුරක්ෂිතතාවයයි.රටේ අනාගතය රදා පවතින්නේ පුනර්ජනනීය බලශක්තිය මතයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.