හිමිදිරියේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය හිමිපාණන් වහන්සේ සහ දායක මහේල පෙරේරා මහතා විසින් පිළිගනු ලැබිණි.
අභාවප්‍රාප්ත තම මෑණියන් සිහිගන්වනු වස් මහේල පෙරේරා මහතා සහ දිල්ෂානි විජේතුංග මහත්මිය විසින් විහාරස්ථානය වෙනුවෙන් ඉදිකළ නව වාහල්කඩ ඵලකය නිරාවරණය කරමින් විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
මෙහිදී විහාරස්ථානයේ දායක විරාජ් කොඩිතුවක්කු මහතා විසින් කඨින චීවරය ජනාධිපතිතුමාගේ සිරස මත තැන්පත් කරන ලද අතර, හේවිසි සහ වෙස් නැටුම් කණ්ඩායම් පෙරටු කොට ගනිමින් ජනාධිපතිතුමා විසින් කඨින චීවරය ධර්ම ශාලාව වෙත රැගෙන එනු ලැබීය.
විහාරස්ථානය වෙනුවෙන් ඉදිකළ නව සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ද අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ජීවන් කුමාරතුංග ඇතුථ මැතිඇමතිවරු ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති සම්පත් අමරතුංග මහතා ද විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.