නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගව ප‍්‍රවාහන බලපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට ජනපතිගෙන් නියෝග

    ඔක්තෝබර් 28, 2017
    ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ‍මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නියෝග කර තිබේ.
     
    නීති විරෝධි අයුරින් ගවයින් ප‍්‍රවාහනය කිරීම ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඒ තුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.
     
    ඒ අනුව ගවයින් ප‍්‍රවාහනය පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති.
     
    දැනට ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රාදේශීය ලේකම් හරහා සිදු වෙයි.
     
    නීති විරෝධි අන්දමින් ගවයින් ප‍්‍රවාහනය කිරීමේදී සිදුවන බරපතළ අනතුරු හා ජීවිත හානි රැසක් පිළිබඳව මෙන්ම ප‍්‍රචණ්ඩකි‍්‍රයා ගණනාවක් ද පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති අතර, ඊයේ (26) දිනයේදී අනුරාධපුරයේ, බුළංකුලම ප‍්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත අහිමිවීමේ ඛේදනීය සිදුවීමක් ද වාර්තා විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya