රන් කහවණු සොයා වැලිකතරට ගිය ශී‍්‍ර ලාංකිකයින්ට ඉමහත් පිළිසරණක් වෙමින් විවිධ ජාතීන්ට අයත් දරුවන්ට එකම සෙවනක සිප් සතර හදාරන්නට අවස්ථාව සලසාදී තිබෙන දෝහා ස්ටැෆර්ඞ් ශී‍්‍ර ලංකන් පාසල මීට වසර 17 කට පෙර ආරම්භ කෙරිණි. එදා මෙදා තුර විශිෂ්ට ගමනක් පැමිණි මෙම පාසල අද පළමු වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීමට දරුවන්ට පහසුකම් සලසා දී තිබෙන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1300 පමණ මේවන විට එහි අධ්‍යාපනය ලබති.
අද පස්වරුවේ පාසල වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.
විද්‍යාලයේ තූර්ය වාදන කණ්ඩායම පෙරටුකර ගනිමින් ඉතා විචිත‍්‍රවත් අන්දමින් එම පිළිගැනීම සිදු විය.
ගුණවත්, නැණවත් දරු පරපුරක් බිහි කරමින් ශී‍්‍ර ලංකා මාතාවට නව සවියක් එක් කිරීමට ස්ටැෆර්ඞ් ශී‍්‍ර ලංකන් පාසල ඉටුකරන මෙහෙවර මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ලොව කොතැනක සිටියත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ද කියා සිටියේය.
විද්‍යාලයේ සිසු දරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු ද විමසීය.
මේ අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට ද එක් විය.
දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය සතුව ඇති කලා එකතුව ලෝකයේ ඇති විශාලතම ඉස්ලාමීය කලා නිර්මාණ එකතුවලින් එකක් වන අතර ලෝහ, පිඟන්, ස්වර්ණාභරණ, ලී, වීදුරු, රෙදිපිළි හා කාසිවලින් යුත් භාණ්ඩ එකතුවක් ද එම ප‍්‍රදර්ශන භාණ්ඩ අතර වේ.
වාර්ෂිකව කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ සහ අසිරිය නැරඹීම සඳහා සිය දහස් ගණනක සංචාරකයින් එහි පැමිණෙති.