තිඹිරිපල අභිනවාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව අභිනව අන්වැට නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවණය කරනු ලැබීය.
සීතාවක ගඟ නියමු මැණික් ව්‍යාපෘතියේ ප්රතිලාභ බෙදාදීමේ තුන්වන අදියර සංකේතවත් කරමින් දසදෙනෙකුට ප්රතිලාභ බෙදාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
සමෘද්ධිලාභීන්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්, උසස් අධ්‍යාපනය ලබන දරුවන් මෙන්ම ආගමික ස්ථාන සඳහා රුපියල් එක්කෝටි හතළිස් හත්දහසක මුදලක් බෙදාදීම ද සිදුකෙරිණි.ෙ
ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.