අමාත්‍යවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, වෙළඳ නැව් පනත යටතේ නියෝගය විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
අපගේ කිසිදු සම්පතක් විකිණීමට රජය ක්‍රියා නොකරයි. 2010 වර්ෂයේ සිට 2017 දක්වා හම්බන්තොට වරායේ ඇති වී ඇති පාඩුව රුපියල් මිලියන 44000කි. එය රටකට දරාගත නොහැකියි. එබැවින් එය ආයෝජනය කිරීමට කටයුතු කෙරේ. එය විනිවිදභාවයෙන් සිදු කරන බවද ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසී ය.