අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ඉහළම තලයකට ගෙන එනවා

    ජූලි 06, 2017

    වසර 2020 දී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ඉහළම තලයකට ගෙන ඒමට ක්‍රියාකරන  බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (06) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු ධීවර හා ජලජ සම්පත් ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,මේ වසර අවසන් වන විට ඉතිහාසයේ වැඩිම මත්ස්‍ය අපනයනය සිදු කරනවා.මුහුදු සම්පත ආරක්ෂා කිරීමට  තහනම් පන්න ක්‍රම නවතා දමා තිබෙනවා.ධීවර කර්මාන්තය සඳහා මේ වසර අවසන්වීමට පෙර ධීවර ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ක්‍රියාකරනවා.ඒ සම්බන්ධයෙන් විශේෂඝ්නයින් කණ්ඩායමක් දැන් කටයුතු කරමින් සිටිනවා. නොර්වේ රජය නොමිලේ තාක්ෂණික සහාය ලබාදෙනවා.එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යැයිද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya