අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය සම්පත හා ධීවරයන් ආරක්ෂා කරගැනීමට සියලු තහනම් පන්න ක්‍රම නතර කරනවා

    ජූලි 06, 2017

    මත්ස්‍ය අස්වැන්න අඩුවීම කෙටි කාලීන වුවත් දීර්ග කාලීනව මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින්  ධීවරයන් ආරක්ෂා කරගැනීමට සියලු තහනම් පන්න ක්‍රම එකි නෙක නතර කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලිරාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    ධීවර හා ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව කීය

    බොටම් ට්‍රෝලීන් ධීවර ක්‍රමය ක්‍රියාත්මක වුණා. මුහුදු පතුලේ සිටින මුහුදු ජීවීන් විනාශ වන බව පෙන්වා දී ඇත. ඒ අනුව බලපත්‍ර ලබා නොදීමට තීරණය කර ඇත.දීර්ග වශයෙන් කරුණු ඉදිරිපත් කළා. ධීවර ප්‍රජාව ඉදිරිපත් කළා,මෙම පන්න ක්‍රමය නතර කිරීමට විධිමත් ක්‍රියාවලියකට එන්න කියලා. විවිධ අඳහස් අරගෙන මෙම පනතට සංශෝධන කෙරෙන්නේ. වසර දෙක්කට නොවැඩි සිර දඬුවම් හා පනස් දහසක අවම දඩ මුදලක් ගේනවා. මෙම පන්න ක්‍රමය තහනම් කරනවා. අපේ මුහුදු තීරය ආරක්ෂා කිරීමට සෑම පියවරක් ම ගන්නවා.තහනම් පන්න ක්‍රම එකි නෙක නතර කරමින් යනවා.

     

    ඩයිනමයිට් යොදා මසුන් මැරීම නතර කිරීමට පියවර ගත්තා. ඩයිනමයිට් යොදා මසුන් මරන්නන් අත් අඩංගුවට ගන්නා අයට පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවසීමට නාවික හමුදාවට හා පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.තහනම් පන්න ක්‍රම රාශීයක් තහනම් කිරීමට කටයුතු කරන්නේ අනාගතයට මත්ස්‍ය සම්පත ඉතුරු කිරීමටයි.තහනම් පන්න ක්‍රමවලට ඉඩ දුන්නොත් මත්ස්‍ය අස්වැන්න වැඩි වෙනවා. එය නැවැත්වූවේ පන්න ක්‍රමය විධිමත් කිරීමට හා සුළු ධීවරයන් ආරක්ෂා කරන්නයි. අස්වැන්න අඩුවීමක් තියෙයි. එය ගැටළුවක් නෑ.මෙය කෙටි කාලීන අස්වැන්න අඩු වුවත් දීර්ග කාලීනව මත්ස්‍ය   අස්වැන්න වැඩි කර ගත හැකි බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya