News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
පාසල් දරුවන්ගේ නිලඇඳුමේ වෙනසක් නැහැ- ජනපති
17
June

පාසල් දරුවන්ගේ නිලඇඳුමේ වෙනසක් නැහැ- ජනපති

Published in ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email

පාසල් දරුවන්ගේ නිලඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිඳු තීරණයකට එළැඹ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, අස්ගිරිය ශී‍්‍ර චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (16) එක්වෙමිනි.

පිරිවෙන් සහ විහාරස්ථාන මුල්කරගත් අධ්‍යාපනය පරිත්‍යාගයෙන්, කරුණාවෙන් මෙන්ම මානව දයාවෙන් එදා ශී‍්‍ර ලංකා සමාජය පොහොසත් කළ අතර ආගමික ස්ථාන ඇසුරුකරන සමාජයක් යළි රට තුළ ගොඩනැගීමට සියලු ආගමික නායකයින් කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

නවීන තාක්ෂණය සමග සමාජය වැළඳගෙන තිබෙන අන්තර්ජාලය සහ ෆේස්බුක් අද දරුවන්ගේ ශිෂ්ටත්වය සහ යහපත්බව විනාශ කරමින් සිටින බව ද සඳහන් කළ ජනාධිපතිතුමා අධ්‍යාපනය සමග දරුවන්ගේ දැනුම මෙන්ම විනය ද ගොඩනැගිය යුතු බව කියා සිටියේය.

අන්තර්ජාලය සහ ඇතැම් මාධ්‍ය ඔස්සේ අද ජාතිවාදය අවුස්සමින් ජාතීන් අතර අසමගිය වපුරුවා රට නොසන්සුන් කිරීමට විවිධ උත්සාහයන් කි‍්‍රයාත්මක වන බවද සඳහන් කළ ජනාධිපතිතුමා කුමන පුද්ගලයෙකු හෝ සංවිධානයක් ජනතාවගේ දෛනික ජීවිතයට බාධාවන අයුරින් හැසිරෙනවානම් ඔහු කුමන ආගමකට හෝ ජාතියකට අයත් වුවද එය ශිෂ්ටත්වය සහ අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් බවද කියා සිටියේය.

පසුගියදා ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක පැවති සංවාදයකදී කතෝලික පල්ලි 166 කට පසුගිය මාස කිහිපය තුළ පහර දී තිබෙන බවට එක්තරා පුද්ගලයෙකු කළ ප‍්‍රකාශයක් පිළිබඳ තමා අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගෙන් විමසූ විට එවන් සිදුවීමක් වාර්තාවී නොමැති බවට උන්වහන්සේ ප‍්‍රකාශ කළ බවත්, සමාජය නොමග යවමින් ඇතැම් පුද්ගලයින් කරන මෙවන් ප‍්‍රකාශ තමා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සහතිකපත් සහ තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
More in this category: « සහල් හිඟයක් ඇති වන්නේ නැහැ - ජනපති හානියට පත් පාසල් තිබුණාට වඩා හොඳ තත්ත්වයකට »
back to top

ජනපති - පාර්ලිමේන්තුව - අගමැති

  1. දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට කඩිනමින් ඉදි…

    April 26, 2018, 3:57 am

  2. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ කරුණු ප…

    April 24, 2018, 9:51 am

  3. නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුර…

    April 24, 2018, 9:25 am

  4. ජනපති ලන්ඩන් නුවර අවුරුදු උළෙලට එක්වෙයි

    April 23, 2018, 5:01 am

  5. තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍…

    April 21, 2018, 5:39 am

  6. ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය විවෘත කිර…

    April 21, 2018, 5:36 am

  7. අලුත් අවුරුද්දේ රාජකාරී ආරම්භ කරමින්...

    April 20, 2018, 8:57 am

  8. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ශ‍්…

    April 20, 2018, 8:36 am

  9. ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අගමැති හමුවෙයි

    April 19, 2018, 5:57 pm

  10. ඉරාන- ශ්‍රී ලංකා කතානායකවරු අතර විශේෂ සාකච්ඡාවක් - පාර්ලිමේන…

    April 19, 2018, 4:11 pm

  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
ජනපති - පාර්ලිමේන්තුව - අගමැති