නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ සංවර්ධනය සොයා බැලීමට ජනපති යාපනයට

    ජූනි 13, 2017

    උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (12) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් වැය කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ නිසි සංවර්ධන සැළසුම් ඔස්සේ එම මුදල් ජනතා යහපත වෙනුවෙන් නිසි අයුරින් වැය කිරීම දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම නිළධාරින්ගේ වගකීම බවයි.

    යාපනය දිස්ත්‍රික්කයේ මහා මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය, පානීය ජලය ඇතුළු ජනතාවගේ දෛනික ජීවිතය සඳහා අත්‍යාවශ්‍ය පහසුකම්වල අඩු පාඩු පිළිබඳ මෙහිදී සොයා බැලු ජනාධිපතිතුමා එම අඩුපාඩු කඩිනමින් සපුරාදීමට නිළධාරින්ට උපදෙස් දුන්නේය. එමෙන්ම නැවත පදිංචිකිරීම් කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    නිවාස ඉදිකිරීම සඳහා වැලි ලබා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවට මෙහිදී දේශපාලන නියෝජිතයින් පෙන්වාදුන් අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පරිසරයට හානියක් නොවන අයුරින් සුදුසු ස්ථානවලින් වැලි සහ බොරළු ලබා ගැනීමට අදාළ නිර්දේශ ලබා දෙන ලෙස තමා අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දෙන බවයි.ඒ සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන්, පරිසර අධිකාරියේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු යාපනය දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් මැති ඇමතිවරුන් මෙන්ම යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

    මෙම සාකච්ඡාවෙන් අනතුරුව යාපනය ආණ්ඩුකාර කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් සමඟ ද හමුවකට එක් විය.උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අටම නියෝජනය කරමින් අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ද එහිදී ඔවුන් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya