අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාහියන්ගල පුරාවිද්‍යා ස්ථානයේ හානිය සොයා බැලීමට බහු විෂය වාර්තාවක් කැඳවයි

    ජූනි 06, 2017

    ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් පාහියන්ගල පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් බහු විෂය වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

    පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාහියන්ගල පුරාවිද්‍යා ස්ථානය නාය යෑමේ අවධානමක් ඇතිව තිබෙන බව වාර්තා වී ඇති අතර එහි වැඩවසන භික්ෂූන් වහන්සේලාට ද එම ස්ථානයෙන් ඉවත් වීමට ද දැන්වීමක් කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය  නලින් ද ජයතිස්ස මහතා යොමු කළ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙම වර්තාව අනුව දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව තීරණය කෙරෙන බවද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya