රටේ වාර්තාවන ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරන සිදුවීම් සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා :
කණගාටුයි මෙවැනි තත්ත්වයක් උදාවීම පිළිබඳව. දේශපාලන අරමුණු ඉලක්ක ඉටු කරගැනීමයි අපිට පෙනෙන්නේ. පොලීසියේ ඉහළ නිලධාරීන් ඉරිදා දවල් හමුවුණා. නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පොලීසියටයි. එය මතක් කරන්න අවශ්‍ය නෑ. නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු ඇතිවෙන්න බෑ. අපේ ආණ්ඩුව නීතිය සාධාරණව හැමට ඉටු කර දෙනවා කියන එක පදනම් කරගෙන,ලොකු පොඩි, පක්ෂ පාට භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරනවා. කාටවත් වෙනසක් නෑ.
මේ වගේ තත්ත්වයක් තුළ මේ පිටු පස හැංගෙන මංකොල්ලකරුවෝ ඉන්නවා. අවිශ්වාසය වැඩි වෙනවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත්. කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඉතාමත් ඉක්මනින් තත්ත්වය පාලනය කරන්න කටයුතු කරනවා. රටේ දියුණුවට සමඟිය අත්‍යවශ්‍යයි. එය නැති කරන්න ඉඩ තියන්න බෑ. සමඟිය තහවුරු වේගන එන අවස්ථාවක දුර්වල වීමට ඉඩ තියන්න බෑ. රජය ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.