රජය සංවර්ධනය සිදු කරන්නේ පරිසර හිතකාමි ලෙසයි. වගකිමෙන් වැඩකරන රජයක්. ඇතැම් පිරිස් බොරු බිල්ලො මවනවා. අපි ඉඩම් කාටවත් විකුණන්නේ නෑ. අපිට මොන අමාත්‍යාංශය දුන්නත් වැඩ කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා.
එදා ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු හිටියා. එදා දක්ෂ ඇමැතිවරු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ලෙස පැත්තකට දාලා තිබුණා. එස්.බී. නාවින්න ඇමැතිතුමාට අද අමාත්‍යධූරයක් දීලා තිබෙනවා. අපි මැතිවරණ තියනවා. 2017 වසරේ මැතිවරණ තියලා, ශක්තිය ලබාදිය යුතුයි. අපිටත් මැතිවරණයක් අවශ්‍යයි. සමහරු හිතන් ඉන්නේ ජන බලවේග තිබෙනවා කියලයි.
මේ යහපාලන ආණ්ඩුව කැබිනට් සංශෝධනයෙන් පසුව දෙකට කැඩෙයි කියලා හිතුවා. ඒවා දවල් හීන. කැබිනට් සංශෝධයෙන් පසුව අපි ශක්තිමත්ව ඉදිරියට යනවා. අද ජනතාව තුළ නව බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ රටේ ජනතාවගේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.