අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසරේ දී

    මැයි 17, 2017
    ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර තුළ අත්සන් තැබීමට අපේක්‍ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හි දී අනාවරණය විය.
     
    ඊයේ 16දා සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී පැවති මෙම සාකච්ඡාවේ දී චීන අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ප්‍රවාහන, මුල්‍ය, වාණිජ ආදී අංශයන් මූළික කොට ගනිමින්, ආසියාවේ ආර්ථිකය හා තරඟකාරී තත්ත්වයකට පත්වීමටත්, ඒ ඔස්සේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වීමටත් අවශ්‍ය සහයෝගය සහ උපකාරය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට චීනය සූදානම් බවය.
     
    ඒ සඳහා අවශ්‍ය ආයෝජන පරිසරය ශ්‍රී ලංකාවේ සකස් කළ යුතු බව අවධාරණය කළ චීන අග්‍රාමාත්‍යවරයා පැවසූයේ තිරසර ස්ථාවරත්වයක් සහ ශක්තිමත් නෛතික රාමුවක් නිර්මාණය වන්නේ නම්, ලෝකයේ බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ අයෝජන සඳහා එක්වනු ඇති බවය.
     
    ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ආරම්භ කිරීම හා ආයෝජනය කිරීම සඳහා චීන ආයතන සහ සමාගම් දිරිමත් කරලීමට තමන් ක්‍රියා කරන බව ද ලී ක’ඡියාන් මහතා පැවසීය.
     
    ඉපැරණි මිත්‍රත්වය පදනම් කර ගනිමින් චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහය පිළිබඳව ස්තුතිය පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හම්බන්තොට කර්මාන්ත පුරය සහ කොළඹ මුල්‍ය නගරය ඔස්සේ ලබා ගැනීමට බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය හා එමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද කරුණු ගෙනහැර දැක්වීය.
     
    විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා සාවිත්‍රි පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂිකා මදාරා ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශානි කළ්‍යාණරත්න, අමාත්‍ය උපදේශක (ආරක්‍ෂක) බ්‍රිගේඩියර් තිලක් වීරකෝන්, උපදේශක (වාණිජ) රුවන්ති ආරියරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya