මුස්ලිම් නියෝජිත පිරිසක් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙම ප‍්‍රදේශයේ ජනතාව යම් ගැටළුවලට මුහුණ දී ඇත්නම් ඒවා විසඳා ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර එහි වාර්තාව මාසයක් ඇතුළත ලබාදිය යුතු බවද සඳහන් කෙරිණි.