පොළොන්නරු දිසාපති රංජිත් ආරියරත්න මහතා වෙත ජනාධිපතිතුමා විසින් අදාළ මූල්‍යාධාර පිළිගැන්වූ අතර විහාරස්ථාන සංවර්ධන කටයුතු ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුකිරීමට නියමිතය.
චීන රජයේ ආධාර යටතේ මෙම මූල්‍යාධාර පිරිනමා ඇති අතර චීනයේ ලියුෂු විහාරස්ථානයේ විහාරාධිපති දයුවාන් ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට ආචාර්ය වල්මොරුවේ පියරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ චීන මහා සංඝරත්නය ඇතුළු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.