මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ,සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝගය සහ සමාගම් පනත යටතේ නියෝගය විවාදයට එක්වෙමිනි.
අද අපේ රට තිරසාර අත්තිවාරමක් දමා ගෙන ඉදිරියට යනවා. මේ ගමන යන්නේ බාධක මැදයි. අපි අලුත් රට හදන අත්තිවාරම දමා තිබෙනවා. මැයි පෙළපාළියෙන් ම ජනතා විශ්වාසය දිනා සිටිනවා. ජනතා බලවේග අපි සමඟ සිටිනවා.
මේ රට ස්ථීර ගමනක යනකොට එය වළක්වන්න හදනවා.අපි රට ගැන හිතන්නේ. මිනිසුන්ගේ රැකියා ප්රශ්නය ගැනයි සිතන්නේ.අපි හදන්නේ රටේ ජනතාවගේ අනාගතයයි හදන්නේ. රටේ ප්රතිරූපයයි හදන්නේ. සයිටම් හැදුවේ අපි නොවේ. අද කෑ ගහන අය එදා බලු කුක්කන් වගේ හිටියා. අපි ගොඩනගන්නේ දේශපාලනය නොවේ රටේ ජනතාවගේ අනාගතයයි යැයි ද මන්ත්රීවරයා පැවසී ය.