අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධ්‍යාත්මික නායකයින් විසින් කළ මගපෙන්වීම් ඉතා වැදගත් - ජනපති

    අප්‍රේල් 27, 2017

    අද ලෝකයේ තිබෙන ප‍්‍රශ්න හා ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කරනු ලැබූ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයට ඊයේ (27)  අරලියගහ මන්දිරයේ දී එක් වෙමිනි.

    ,ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග, යන තේමාව යටතේ දෙදිනක් පුරා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා මැදපෙරදිග මුස්ලිම් රටවල සහ ආසියානු රටවල නියෝජිතයෝ සහභාගී වී සිටිති.

    සියලු ජාතීන් හා ආගම් සමග එක්ව, සියලූ මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් සුහදත්වයෙන් ලෝක ප‍්‍රජාව සමග කටයුතු කිරීමේ පණිවිඩය ලොවට ලබාදෙමින් ශී‍්‍ර ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.

    සමු`ථවේ සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අප සෑම කෙනෙක්ම එකම රටක එකම ශ්‍රී ලාංකිකයින්  ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කරගන්නේ නම් අප අපේක්ෂා කරන සාමකාමී සමාජය ගොඩනැගීම අපහසු නොවන බවයි.

    අද කථාකරන සංහි`දියාව යථාර්ථයක් බවට පත්කරගත හැක්කේ, තමන්ගේ මෙන්ම අන් අයගේ ද අයිතිවාසිකම් සහ වරප‍්‍රසාදවලට ගරු කිරීම තුළින් බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා රට තුළ ස්ථීරසාර සාමයක් අතිකරගනිමින් සියලු ජාතින් අතර සහෝදරත්වය සහ සංහි`දියාව ශක්තිමත් වූ එකම රටක් ගොඩනැගීමට අප කැප විය යුතු බව ද කියා සිටියේය.

    මිනිසා බලය සහ ධනය සඳහා සටන් කිරීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ මිනිසෙක් විසින් තවත් මිනිසෙක් විනාශ කිරීම බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ලෝකයේ යුද ගැටුම් වැළැක්වීමට අප සාකච්ඡා කළ යුත්තේ යුද්ධය කරන පිරිස් සමග නොව,  යුද්ධයට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරන්නන් සමඟ බව තමා විශ්වාස කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා  තමන්ගේ රට තුළ අවි ආයුධ නිෂ්පාදනය වැළැක්වීමට සෑම රාජ්‍යයකටම හැකිනම් ලෝක සාමය ඇතිකිරීම සඳහා ගනු ලබන වැදගත්ම පියවර වන්නේ එය බව ද කියා සිටියේය.

    කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශී‍්‍ර ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya