මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ල නිවාස අහිමි වූ තවත් පිරිසකට නව නිවාස

    අප්‍රේල් 26, 2017

    මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

    මෙහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් නිවාස ලබාදීම පසුගියදා සිදු කෙරිණි.

     

    මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කිි.


     
    එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක්  ලබාදීම ද  සිදු කෙරේ.

     

    අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

     

    නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ  ජනාධිපතිතුමා ආපදා කළමණාකරන අමාත්‍යාංශ ප්‍රවේශ දොරටුව අසළදීම රෝද පුටුවේ සිටි ආබාධිත කාන්තාවකට අදාළ නිවාසයට හිමි හිමිකම් පත්‍රය පිළිගැන්වීමට කටයුතු කළේය.

     

    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya