අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරි ව්‍යාපෘති ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි

    අප්‍රේල් 27, 2017

    මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වාරි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) මහවැලි අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    කාළගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතනය ලැබීම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya