අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදාන" වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 25, 2017

    යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන , රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදාන, වැඩසටහනේ 15 සහ 16 වන අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනාධිපති කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.

    රණවිරු දූ දරුවන් අසූ දෙදෙනෙකු සදහා මේ යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණු අතර 01 ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා සිසුන් 25 දෙනෙකුට රුපියල් 20,000 බැගින් ද, 06 වන ශ්‍රේණියේ සිට 08 වන ශ්‍රේණිය දක්වා සිසුන් 27 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ද, 09 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් 30 දෙනෙකුට රුපියල් 50,000 බැගින් ද ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුවිය.

    එමෙන්ම එම දරුවන් සදහා පාසල් නිල ඇඳුම් කට්ටල සහ පාවහන්  ප්‍රදානයක් ද සිදු කෙරිණි.

    සිසුන් අට දෙනෙකු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ද ප්‍රදානය කළේය.
     
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද යුධ හමුදාපති, ගුවන් හමුදාපති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆෝන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya