අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ක්‍රියාවලියට ජපානයේ අතහිත

    අප්‍රේල් 12, 2017

    පරිසර සංරක්‍ෂණය සහ ජාතික සංහිදියාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරලීමට ජපානය සූදානම් බව ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය හිරොෂිගෙ සෙකො (Hon. Hiroshige Seko) මහතා පැවසීය.

    11 වන දා සන්ධ්‍යාවේ තෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින්, හිරොෂිගෙ සෙකො මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය හේතුවෙන් දෙරට අතර සම්බන්ධතාවන් වඩාත් ඉහළ තලයක් දක්වා එසැවෙන බවය.

     

    කොළඹ උතුර වරාය සංවර්ධනය, ත්‍රිකුණාමල නගර නිර්මාණය, බණ්ඩාරනායක ගුවන් තොටුපලෙහි දෙවන ධාවන පථය, ස්වාභාවික ද්‍රව වායු බලාගාරය, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ආදී ව්‍යාපෘතින් සඳහා ජපානයෙන් ලබා ගත හැකි සහය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

     

    විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Mr. Kenichi Suganuma), අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ට උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යිලයීය පළමු ලේකම් නඳුනි හසින්තා, දෙවන ලේකම් උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya