අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කරගනිමින් ලැබූ ප්‍රගතිය පිළිබඳව ප්‍රසාදය පළකරනවා - ජයිකා සභාපති ෂිනිචි කිතඕකා

    අප්‍රේල් 12, 2017

    ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කරගනිමින්, නිවැරදි සංවර්ධන මාවතකට පිවිස කෙටි කලක් තුළ ලැබූ ප්‍රගතිය පිලිබඳව තමන් ප්‍රසාදය පළ කරන බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (ජයිකා) සභාපති ෂිනිචි කිතඕකා (Mr. Shinichi Kitaoka) මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවේ පැවසීය.

    තෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ දී (11 වන දා) ශ්‍රී ලංකා දූත පිරිස හමුවෙමින් කිතඕකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මහනුවර මහ නගර සැලැස්ම හා සැහැල්ලූ දුම්රිය පද්ධතිය පිළිබඳව මූලික වාර්තාවන් දැන් සකස් කෙරෙමින් යන බවය.

     

    මූලික සැලසුම් සැකසීමේ ක්‍රියාවලිය හැකි තරම් කඩිනමින් ඉටු කරලීමට ජයිකා ආයතනය කටයුතු කරන බව පෙන්වා දුන් සභාපති කිතඕකා මහතා, සාමාන්‍ය මට්ටමට වඩා සියයට 30 ක වේගයකින් මේ කාර්යයන් සිදු වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.

     

    මුහුදු දියෙන් පානීය ජලය නිපදවා ගැනීම, උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම හා බෝගම්බර සංස්කෘතික මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජයිකා ආයතනයෙන් ලබා ගත හැකි සහයෝගය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

     

    විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Mr. Kenichi Suganuma), අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ට උපදේශකමහාචාර්ය මොන්ටි කාසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය පළමු ලේකම් නඳුනි හසින්තා, දෙවන ලේකම් උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya