අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ.....

    අප්‍රේල් 11, 2017
    සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.
    අභ්‍යන්තර වෙළෙද කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වරණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.
    අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි දැල්වීම, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සදහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුඑ මැතිඇමතිවරුන් සහභාගී වූහ.

    ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya