අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත පරපුර මත් උවදුරින් ගලවා ගැනීමට රජය ආරම්භ කළ වැඩසටහන සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා තිබෙනවා

    අප්‍රේල් 12, 2017

    රටේ අනාගත පරපුර මත් උවදුරින් ගලවා ගනිමින් නිරෝගීමත් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමට රජය ආරම්භ කළ මතින් නිදහස් රටක් වැඩසටහන අද සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

    රජයට ලැබෙන බදු ආදායමින් මත්පැන් සහ සිගරැුට්වලින් ලැබෙන ආදායම ඉතිහාසයේ පළමු වතාවට පහත වැටී ඇති බවට මීට සති තුනකට පෙර මහා භාණ්ඩාරගාරය කැබිනට් මණ්ඩලය වෙත වාර්තා කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා රජයේ ආදායම අඩු වුවද අනාගත පරපුර වෙනුවෙන් කළ විශිෂ්ට ආයෝජනයක් ලෙස එය සළකන බව කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, තෙල්දෙණිය දිස්තී‍්‍රක් මූලික රෝහලේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට   (11) පෙරවරුවේ එක් වෙමිනි.

    රටක සංවර්ධනයේ ප‍්‍රධාන මිණුම් දණ්ඩ අධ්‍යාපනය සහ සෞඛ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා උගත් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටින රටක් වේගයෙන් සංවර්ධනය කරා ගමන් කරන බව ද කියා සිටියේය.

    රටේ සියලු අංශ පුළුල් හා කාර්යක්ෂම සංවර්ධනයකට යොමු කිරීම රජයේ ඉලක්කය බවද පැවසූ ජනාධිපතිතුමා අද ඉතිහාසයේ වෙනත් කිසිදු අවස්ථාවක නොලැබුණු ආකාරයේ ජාත්‍යන්තර සහයක් ශී‍්‍ර ලංකාවට හිමිවන බවත් එම සහයෝගය මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීම රජයේ අපේක්ෂාව බවත් කියා සිටියේය.

    ජයිකා මූල්‍ය ආධාර සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු නවීන ශල්‍යාගාර සංකීර්ණයකින්, දැඩි සත්කාර ඒකකයකින් මෙන්ම අධිකරණ වෛද්‍ය ඒකකයකින් සමන්විත මෙම පස් මහල් ගොඩනැඟිලි සංකීර්ණය සඳහා 2013 මැයි 04 වන දින එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින්ම මුල් ගල තැබීම ද විශේෂත්වයකි.

    ජපානය හොඳ මිතුරෙකු ලෙස අනවශ්‍ය බලපෑම් සහ ගැටලුවලින් තොරව ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ලබාදෙන විශිෂ්ට සහය ද මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ ජපන් රජය සහ ජනතාව වෙත සිය ස්තූතිය පිරිනැමීය.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. නව වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද, ජපාන වැඩබලන තානාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් සහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද වීරකෝන් මහතා ඇතු`ථ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya