අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්කොළ නිෂ්පාදන,ආනයනය,විකිණීම, විකිණීමට උනන්දු කිරීම,සියල්ලම තහනම් කරනවා

    අප්‍රේල් 08, 2017

    දුම්කොළ නිෂ්පාදන, ආනයනය, විකිණීම, විකිණීමට උනන්දු කිරීම,සියල්ලම තහනම් කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ජතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝගයක් විවාදයේ අඳහස් දක්වමිනි.

    ඉදිරියේ දී සිගරට් පැකට් එකට ගෙනවා පෙන්ට් පැකෙජ් එක. එතකොට මොකවත් රූප ගහන්න බෑ. ඉදිරියේ දී තනි සිගරුට්ටවත්  විකිණීම තහනම් කරනවා. දැනටම කබිනට් පත්‍රිකාව ගෙනැත් අවසන්. මීටර් 500ක දුරක පාසල් සිසුන් ගැවසෙන ප්‍රදේශයේ දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනවා. එක ප්‍රතිපත්තියක සිට දුම් බීමෙන් තොර මද්‍යසාරයෙන් තොර රටක් නිර්මාණය කිරීමට තීන්දු ගන්නේ.

    දුම් නැටි සහ දුම්කොළ නිෂ්පාදන, ආනයනය, විකිණීම, විකිණීමට උනන්දු කිරීම,සියල්ලම තහනම් කරනවා. දුම් රහිත නිෂ්පාදන, රස යෙදූ ඒවා වර්ණ යෙදූ දුම්කොළ මෙයින් තහනම් කරනවා. දුම්කොළ සහිත ඉලෙක්ට්‍රොනික් සිගරට්. මේවගේ නිකොටින් තිබෙනවා. නිකොටින් වලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා තනනම් කරනවා.

    මෙම තහනමට ලක්වන එකක් තමයි, දුම්කොළ සහිත බුලත් මිශ්‍රණ තහනම්, බබුල්,බීට සහ ආනයනික පුවක් ආනයනය කිරීම සහ බෙදා හැරීම් අතනම් කරනවා. මේව නිසා ගලනළයේ පිළික, මුඛ පිළික හැදෙන බව හඳුනාගෙන තිබෙනවා. මුඛ පිළිකාව තමයි ලංකාවේ පිරිමින්ට වැළදෙන පිළිකාව. දිනකට තුන් දෙනෙකු මැරෙනවා මුඛ පිළිකාව නිසා.  

    පිළිකාව හැදීමේ අවධානම සෑම හතළිස් දෙනෙකුගෙන් එක් අයෙකුට  තිබෙනවා පිළිකාව ඇතිවන මෙම දුම්කොළ භාවිතය නිසා.අද තරුනයින් අතර වැඩි වී තිබෙනවා, මේ අලුත් නිෂ්පදන නිසා. දුම් රහිත දුම්කොළවල තිබෙන්නේ, පුවක් සහ දුම්

    කොළ නිෂ්පාදනයි. දුම්කොළ පුවක් යන දෙකම අංක එකේ පිළිකා කාරකයි. අපි තව පුවක් යටත් කර නෑ. ඉදිරියේ දී ආහාර පනත යටතේ පුවක් වලට විරුද්ධව රෙගුලාසි ගෙන එනවා.ඉන්දියාවේ තහනම් නිසා අසල්වැසි රටවලට එවනවා. මේවා තහනම් කළ යුතුයි.දුම් රහිත දුම්කොළ නිෂ්පාදනවලින් සිසුන්ගෙන් 2.4කට රෝගී තත්ත්වයක් ඇතිවෙනවා.සිගරට් බීම අඩු වුණා කියලා, බීඩි බීම වැඩි වුණේ නෑ.මේ ගේන්නේ බොරු තර්කයි. බහු ජාතික සමාගම තමන්ගේ ප්‍රචාරවලට  එක එක්කෙනා භාවිතා කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya