නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා විසින් ගුවන්තොටුපළ විකිණීමට යන බවට සිදු කළ ප්‍රකශය නිවැරැදි කරමිනි.
කටුනායක ගුවන් තොටුපළ ද මත්තල ගුවන්තොටුපළ ද විකුණන්නේ? යැයි පැහැදිළි ලෙස ප්‍රකාශ කරන්නේ දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාගෙන් විමසා සිටියේ ය.
ශ්‍රී ලංකාවේ ජනතාවට අයිති ගුවන්තොටුපළ එලෙසම පවතිනවා යැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සභාවේ සත්‍ය නොවන දේවල් කියවෙනවා යැයි ද පැවසීය.