අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් උත්තේජක භාවිතයෙන් තොර පිරිසිදු ක්‍රීඩාවක් රට තුළ ඇති කිරීම අරමුණයි

    අප්‍රේල් 07, 2017

    තහනම් උත්තේජක මුලිනුපුටා දැමීමට බලාපොරොත්තු වන බවත් තහනම් උත්තේජක භාවිතයෙන් තොර පිරිසිදු ක්‍රීඩාවක් රට තුළ ඇති කිරීම අරමුණ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝගය විවාදයට ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

    ලෝකයේ රටවල් බොහොමයක් විශාල වශයෙන් තහනම් උත්තේජක ප්‍රශ්නවලට මුහුණ දෙනවා, පසුගිය කාලය තුළ විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කළා. තහනම් උත්තේජක භාවිතයෙන් තොර පිරිසිදු ක්‍රීඩවක් රට තුළ ඇති කිරීමයි අරමුණ වන්නේ.

    කෙටි කාලීන ජයග්‍රහනවලට යන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු වී තිබෙනවා. මේ පිළිබඳව විශාල දැනුවත් කිරීමක් සිදු කරගෙන යනවා. දරුවන්ට පාසල් දරුවන්ට මේ පිළිඋබඳව ක්‍රියා දෙනවා. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තහන්ම් උත්තේජන භාවිතය අවම කිරීමට මේ තුළින් විශාල වැඩකොටසක් සිදු කරමින් යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    සාම්ප්‍රධායික ඖෂධවල තහනම් උත්තේජක සංඝටක ඇතුළත් වෙන්න පුළුවන්. ඉදිරියේ දී තහනම් උත්තේජක මුලිනුපුටාදැමීමට බලාපොරොත්තු වෙනවා. 2016 තහනම් උත්තේජන ගත්ත ක්‍රීඩකයන් 5ක් හඳුනාගෙන තිබෙනවා. දැන් තහනම් උත්තේජන ගත් ක්‍රීඩකයන් අඩු වී තිබෙනවා. තහනම් උත්තේජන පරීක්ෂණ ලංකාව තුළ සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ගෙන ඒමට නියමිත බවද අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya