අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ අකළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ වනවිට පාසල් දහ දහස් එකොළහක් තෝරාගෙන තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සඳහා කිසිදු දේශපාලන ඇඟිළි ගැසීමකින් තොරව ලබා දී ඇති නිර්ණායක මත කටයුතු කෙරෙනවා.
සියලු පාසල් සඳහා අමාත්‍යාංශය මට්ටමින් කමිටුවක් පත් කර පාසල්වල අබලන් වහළවල් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ළඟම පාසල හොඳම පාසල යටතේ පාසල්වල සනීපාරක්ෂක පහසුකම් ජල පහසුකම් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කෙරෙන බවද අමාත්‍යවරයා පැවසී ය.