නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අපනයන උපාය මාර්ග ප්‍රථම සමුළුව අදත් පැවැත්වෙයි

    අප්‍රේල් 07, 2017

    ජාතික අපනයන උපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වන ශ්‍රී ලංක‍ාවේ ප්‍රථම ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06)  අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

    සංවර්ධන  උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා එක්ව රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම 150කට අධික පිරිසකගේ සහභාගීත්ව‍යෙන්  ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය කිරීමේ ඉදිරි සැලසුම් සකස් කිරිම සඳහා මෙම සමුළුව  පැවැත් වේ.

    අද (07) දින ද මෙම සමුළුව පැවැත්වෙන අතර ඒ අනතුරුව අපනයන ප්‍රගතිය සඳහා වන පාදක සහ අනෙකුත් ගැටලු හඳුනාගැනීමට හැකිවනු ඇත. මෙම මූලික වැඩසටහනෙන් අනතුරුව විශේෂිත ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරිම සඳහා කොළඹදී සහ ප්‍රාදේශීය මට්ටමෙන් වැඩිදුරටත් හමුවන් පැවැත්වෙනු ඇත.  

    මෙම ප්‍රථම ජාතික සම්මේලනය මගින් ජාතික අපනයන සැලැස්ම සකස් කිරීම සඳහා අවශ්‍ය  ක්‍රියාවලිය ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන්ට ඔවුන්ගේ උපායමාර්ගික දැක්ම සාකච්ඡා කිරීමට වේදිකාවක්ද සැකසෙනු ඇත. මෙම කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ තාක්ෂණික සහයෝගීතාවයෙන් සිදුකරන අතර යුරෝපා සංගමය විසින් මූල්‍යාධාර සපයනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya