අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාවේ කටයුතු අවසන් වෙයි

    අප්‍රේල් 06, 2017

    පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව.11.25 පමණ වනවිට අවසන් කිරීමට කතානායක කරූ ජයසුරිය මහතාට සිදු විය.

    වාචික ප්‍රශ්නවලින් අනතුරුව ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් වූ සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබූ අතර, මන්ත්‍රීවරයා නැගී සිටිමින් සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පොදු විපක්ෂයට ලැබී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව දන්වා සිටියේ ය.

     

    කාලය වෙන් කිරීම ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම සිදු කළේ ය. පක්ෂ නායකයන්ගෙන් නොවිමසා කාලය වෙන් කිරීමක් සිදු කළ නොහැකි බව කතානායකවරයා විසින් සභාවට ප්‍රකාශ කළේ ය.

     

    සභාවේ කටයුතු මෙලෙස සිදු කළ නොහැකි බව සභානායක අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ප්‍රකාශ කළ අතර සභාවේ කටයුතු කල්තබන ලෙස ඉල්ලා සිටියේ ය.

     

    පාර්ලිමේන්තුවේ කටයුතු අද (06) පෙ.ව. 10.30ට ආරම්භ වූ අතර අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ප.ව. 3.00 දක්වා පමණක් පවතින බව කතානායකවරයා නිවේදනය කළ අතර අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නාහිමිගේ ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිත බැවින් සභාවේ කටයුතු ප.ව. 3.00 දක්වා සීමා කරන බව පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරය සිය නිවේදනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya