මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන ක්‍රියාවලියක යෙදීම පිළිබඳව කණගාටුවෙනවා

    අප්‍රේල් 06, 2017

    පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන ක්‍රියාවලියක ඒකාබද්ධ මන්ත්‍රීවරු යෙදීම ගැන කණගාටුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය නැවත වරක් අඩපන කරන්න, තවදුරටත් පාර්ලිමේන්තුව අක්‍රීය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. එයට අප ඉඩ දෙන්නේ නෑ යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකශ කරයි.

    අද (06) පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වෙනුවෙන් සභාව කල්තැබීමේ විවාදය සඳහා ලැබී ඇති කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සහ ඒ නිසා සභාව කල්තැබීමට සිදුවීම සම්බන්ධයෙන් කරුණු පහැදිළි කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීරණයේ පැවැති මාධ්‍ය හමුවට සහභගීවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය

     

    මානව හිමිකම් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ඉන් ශ්‍රී ලංකාවට කරනු ලබන බලපෑම සම්බන්ධයෙන් අද විවාදය පැවැත්වීමට තිබුණා. මෙම විවාදය කිරීමට යෝජනාව තිබුණේ ආණ්ඩු පක්ෂයටයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එය සිදු කළ යුතු යැයි ප්‍රකාශ කළා. ඊට එකඟ වුණා. ඒ අනුව අද දිනයේ විවාදය පැවැත්වීමට තිබුණා.

    ඒකාබද්ධ විපක්ෂය අපේ විවාදයට ඉඩ ලබාදුන්නේ නෑ.පාර්ලිමේන්තුවේ කටයුතු බෙලහීන කරන ක්‍රියාවලියක ඒකාබද්ධ මන්ත්‍රීවරු යෙදීම ගැන කණගාටුවෙනවා.

     

    සාධාරණ ලෙස කාලය වෙන් කර තිබෙනවා.අපි නම්‍යශීලී වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් උපරිම කාලය ලබාදී තිබෙනවා.ඒ අයගේ පක්ෂය ඇතුළේ කාලය වෙන් කර ගැනීම ඒ අය කරගත යුතු දෙයක්.

    19 ව්‍යවස්ථාවෙන් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවලා, නීතියේ ස්වාදීනත්වය පිහිටුවා තිබෙනවා. නැවත වරක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අඩපන කරන්න තවදුරටත් පාර්ලිමේන්තුව අක්‍රීය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා, එයට අප ඉඩ දෙන්නේ නෑ.

    අප සමඟ එදා ජාත්‍යන්තරය විරසක වුණේ ඇයි.2005 වසරෙන් පසුව අපේ විදේශ සේවය දුර්වල වුණා.තමන්ගේ රට ආරක්ෂා කරගන්නවා වෙනුවට කළේ තමන්ගේ පුරවැසිකම ආරක්ෂා කරගත් එකයි. ඒ තැන්වල රට නියෝජනය වුණේ නෑ.දැන් අපි මේ ප්‍රශ්න විසඳාගෙන යනවා.

     

    පාර්ලිමේන්තුව පැවැත්වීමට ජනතා මුදල වැයවෙනවා. ජනතාවගේ මුදල් එසේ වැය කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරන්නයි. ජනතාවගේ ඒ අයිතිය ඒකාබද්ධ විපක්ෂය උදුරාගෙන. ඒකාබද්ධ විපක්ෂය  පහළට වැටිලා,ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විනාශ කිරීමට කටයුතු කිරීම පිළිබඳ  අප කණගාටු වෙනවා.

     

    මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, ලබාදුන් කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට තිබුණා. ඒ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂය හිතාමතාම මඟ හැරිය බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya