මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාර යටතේ මුදල් ලබාදීම ක්‍රියාත්මකයි - කෘෂිකර්ම රජ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 06, 2017

    වී ගොවීන් සඳහා සහනාධාර ක්‍රමයට පොහොර ලබාදීමේ වැඩසටහන, වත්මන් රජය යටතේත් ක්‍රියාත්මක වන බවත් පොහොර සහනාධාර ලබාදීම වැඩසටහන යටතේ මුදල් ලබාදීම ක්‍රියාත්මක කර තිබෙන බව කෘෂිකර්ම රජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ  වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මාතර දිස්ත්‍රික්කයේ වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනධාරය මත නිකුත් කළ පොහොර ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්  2013 වසරේ මෙක්ට්‍රික් ටොන් 7912.02ක් 2014 වසරේ මෙ.ටො. 8121ක් 2015 වසරේ මෙ.ටො. 8026ක් ලෙස ලබාදී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    මාතර දිස්ත්‍රික්කයේ රජයේ පොහොර සහනාධාරය සඳහා සුදුසුකම් ලැබූ ගොවීන් සංඛ්‍යාව වසර 2014 වසරේ ගොවීන් 59314ක්ද  වසර 2015 දී  ගොවීන් 54120ක් ද වසර 2016 දී ගොවීන් 51656ක් ද වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya