මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරගැනීමට යන බවට වැරදි මතයක් ගෙන යනවා

    අප්‍රේල් 05, 2017

    අධිකරණ විනිසුරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා ගෙනා යෝජනාව ගෙන එමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද වැටුප් වැඩිකරගැනීමක් සිදුකරගැනීමට යන බවට ඇතැම් මාධ්‍ය කර තිබෙන වාර්තා කිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපහසුතාවයට පත් කළ කිරීමක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් තවදුරටත් සඳහන් කළේ,මාධ්‍ය මඟින් මෙවැනි පුවත් පළ කිරීමෙන් ව්‍යවස්ථාදායක සභාවටම අවමානයක් සිදු වන බවත් රටේ ජනතාවට මන්ත්‍රීවරු පිළිබඳව වැරදි මතයක් යන බවත් එය මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානියක් බවද අමාත්‍යවරය පැවසිය.

    අධිකරණ විනිසුරන්ගේ වැටුප් සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) යටතේ සිදුවන බවත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවේ 68 (1) අනු ව්‍යවස්ථාව අනුව බවද අමාත්‍යවරයා කරුණු පැහැදිළි කරමින් පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya