නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අහිමි වූ දේ යළි ගොඩනැගීමට සියලු දෙනා එක්වී කටයුතු කළ යුතුයි- අගමැති

    අප්‍රේල් 05, 2017

    සියලු දෙනා එකට එක් වී අපේ රටට ස්ථිර සාමයක් ඇති කිරීමටත්, විශාල සංවර්ධනයක් ඇති කිරීමටත්, අවුරුදු 30 ක යුද්ධයෙන් අහිමි වූ දේවල් නැවත ගොඩගැනීමටත් ඉදිරියට යා යුතු බවත්  ඒ සඳහා සාකච්ඡාවත්, සහයෝගයත්, සම්බන්ධීකරණයත් අවශ්‍ය වන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රචිත "රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය" එළිදැක්වීම නිමිත්තෙන් ඊයේ (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

    " මෙම පොතේ කතෘ දිනේෂ් වීරක්කොඩි මැතිතුමා මම සිතුවාටත් වැඩියෙන් කරුණු සොයා ගනිමින් මෙය ලියා තිබෙනවා. මෙතරම් කරුණු සොයා ගැනීමට හැකිවේවි යැයි මා සිතුවේ නැහැ. මාගේ දීර්ඝ දේශපාලන ගමන පිළිබඳව මා මෙහිදී කතා කිරීමට උත්සාහ කරන්නේ නැහැ.

    නමුත් දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිට මා සමග සිටි කණ්ඩායමෙන් දැනට පාර්ලිමේන්තුවේ සිටින ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරුන්, විපක්‍ෂ නායක සම්බන්ධන් මැතිතුමා, දැනට පාර්ලිමේන්තුවේ නොහිටියත් දයාරත්න මැතිතුමාත්, එමෙන්ම මගේ ජීවිතයේ ආරම්භක යුගයේ සිටම මා සමඟ සිටි ගලබොඩ  ඥාණිස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු නම් වශයෙන් නොකිවූවත් තවත් කිහිප දෙනෙක්ම අද මෙහි පැමිණ සිටින බව මට පෙනෙනවා.

    මේ ගමනේ අවසානය දැනට පාර්ලිමේන්තුවේ අපි සමඟ සිටින සියලුම දෙනා එකම ස්ථාවරයකට පැමිණ තිබෙනවා.
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා පත් කරගෙන එතුමා ජයග්‍රහණය කිරීමෙන් පසුව ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට අප කටයුතු කළේ එම නිසයි.
     
    රටේ ප්‍රධාන පක්‍ෂ දෙකට අවුරුදු 05 ක් වැනි කෙටි කාලයක් හෝ සහයෝගයෙන් වැඩ කිරීමට හැකි නම් එය රටේ විශාල ජයග්‍රහණයක් වනවා. ඒ වගේම විපක්‍ෂ නායකතුමා සහ විපක්‍ෂයේ අනෙක් කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් ඉදිරියට යාම අපි රටට කරන විශාල ගෞරවයක් ද වනවා. එම අරමුණ ඉෂ්ඨකර ගැනීමට අපගේ කාලය යොදවමු යැයි මම යෝජනා කරනවා. මෙම අවුරුදු 05 තුළ නව දේශපාලන සංස්කෘතියක්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඒ වගේම දියුණු ආර්ථිකයක් ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya