අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂතාවයෙන් වැඩකරන විනිසුරුවරුන්ට ලකුණු දීමේ ක්‍රමවේදයක් -අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

    අප්‍රේල් 05, 2017

    ජ්‍යේෂ්ඨත්වයත් පදනම් කරගමින් අධිකරණ විනිසුරුවන්ගේ කැපවීම හා දක්ෂතාවය මත ප්‍රමුඛතාවය දැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් උසස්වීම් ලබාදීමේ දී දක්ෂතාවයෙන් වැඩකරන විනිසුරුවරුන්ට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුනවාදීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (05)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා, සහ  අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් සඳහා වන වැටුප් සංශෝධනය සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

    අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ විධිවිධාන සළස තිබෙනවා. අධිකරණයේ විනිසුරුවරයන්ගේ වැටුප් පාර්ලිමේන්තුව තීරණය කරන්නේ ඒ නිසයි.ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ප්‍රතිපදන සළස්වා විනිසුරුවරුන්ට ගෞරවනීය ලෙස සේවය කළ හැකි සුදුසු වැටුපක් සළකා බලන වැඩසටහනක් සාකච්ඡා කර තිබෙනවා.

    අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරමින් ඔවුන්ගේ සේවාවට සාධාරණයක් ලබෙන ඉහළ වැටුපක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.රාජ්‍ය යාන්ත්‍රණය ස්වාධීන වී තිබෙන අතර රාජ්‍ය යන්ත්‍රණය ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම රැකගැනීමට රජය අවශ්‍ය සියලු දේ සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya