අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නෑ - ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

    අප්‍රේල් 05, 2017

    හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නොමැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් එකඟවීමෙන් පසුව ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    හම්බන්තොට මගම්පුර වරාය චීන සමාගමකට විකිණීමට පියවරක් ඇතැයි ජනමාධ්‍ය මඟින් වාර්තා වී තිබෙන බවත් පොදු මහජනතාව වික්ෂිප්තභාවයට පත්ව තිබෙන බවත් මූලික කෙටුම්පත සභාගත කිරීමට කටයුතු කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (05) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    මාධ්‍ය නිදහස තියෙන නිසා ඔනෑම දෙයක් ලියන්න පුළුවන්. චීන සමාගමකට අලෙවි කිරීම සඳහා මූලික කෙටුම්පතක් නෑ. මේ වරාය ඉදි කරන්න 2012 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ණය ගත්තේ. අපිට ගෙවන්න තිබෙනවා වාරික එක්ක. අපි විශේෂයෙන් ම මේ මුදල් ගෙවන්නේ නැත්නම්, එකවර මුදල් ගෙවන්න වෙනවා. වරාය විශේෂයෙන් ම  අලාභ ලබන නිසා අලුත් යෝජනාවක් හිටපු ජනාධිපතිතුමා ගෙනාවා.

     

    අලුත් ගිවිසුමකට මේ අය ගියා, මෙතැන තියෙන්නේ ආණ්ඩු දෙකක් අතර තිබෙන ගිවිසුමක්.අපි ණය ගෙවන්නේ අපියි. රට උකස් තියලා, අපි බලය ආවාම මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ඇති කළාම අපි චීනයට ගියා. මෙය අපිට අවාසි එකක්   කිව්වා. තවදුරටත් වරායේ යටිතල පහසුකම් ඉහළ නංවීමට හවුල් ව්‍යාපර ප්‍රවර්ධනය කිරීම පිණිස ජනතාවට ප්‍රතිලාභ ඇතිවන පරිදි  ශ්‍රී ලංක වින ගිවිසුම කරගෙන යන්නේ.අපි තවත් කතා කරගෙන යනවා.  

     

    ගිවිසුම් සියල්ල මේ සභාවට දානව කියලා කියනවා. රට විකුණලා තිබුණේ. මෙය බද්දට දීලා මේ රටේ ජනතාවගේ ණය අඩු කරන්නයි කටයුතු කරන්නේ.චීන සමාගමකට විකිණීමකට මූලික කෙටුම්පතක් සකස් කර නෑ. අපි යන්නේ හවුල් ව්‍යාපාරයක් ඇති කරන්න. සියයට 40%ක් අපිට  හවුල් ව්‍යාපාරයකට බදු දීම ගැනයි. ඒවා තමයි සාකච්ඡා කරන්නේ. අපිට ගෙවන්න තියෙන ණය කෝටි 3600ක් තිබෙනවා. කවුද මේ ණය ගත්තේ. 2005 ගත්ත විදේශ ණය. වෙනම කොමිටියක් පත් කරන්න ඕන වරාය ගිවිසුම නගරික සංවර්ධන අධිකාරිය අත්සන් කළේ ඇයි කියා බලන්න. මේ ඔක්කොම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා එකඟවීමෙන් පසුව. මේ වන විට මුහුදු ආරක්ෂව සඳහා නාවික හමුදාව එතන දාලා තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya