අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශූරතාව දිනූ බේස්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි

    අප්‍රේල් 05, 2017

    ඉකුත්දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී නිමාවට පත්වූ 13 වැනි බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම සිය කුසලානය සමඟ ඊයේ (04)  ජනාධිපති කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    කණ්ඩායමේ නායක අකලංක රණසිංහ මහතා විසින් මෙහිදී කුසලානය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා බේස් බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

     

    බේස් බෝල් ක්‍රීඩාව පිළිබඳ ලියැවුණු ග‍්‍රන්ථ කිහිපයක් ජපානයේ බේස්බෝල් පුහුණුකරුවෙකු වන හිබේකි හොයාම් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා බේස් බෝල් සංගමයේ සභාපති ෆාසිල් හුසේන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya