අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශගතවීම - විමර්ශන 544ක්

    අප්‍රේල් 05, 2017

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශගතවීමට අදාළව සිදු කරනු ලැබූ විමර්ශන ගණන 544ක් බවත් විමර්ශන 246ක කටයුතු නිමා කර තිබෙන බවත් නීතිය  හා සාමය  සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමුද්‍රික අංශය මඟින් නීතිවිරෝධී ලෙස පුද්ගලයින් විදේශගතවීම වැළැක්වීමේ අංශය මඟින් 2012 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකික පුරවැසියන් 6176ක් අත් අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

    මේ අතරට මෙවැනි දේ සංවිධානය කළ හා පහසුකම් සැළසූ පුද්ගලයන් 602කු සිටින බවත් පසුගිය මාස තුන ඇතුළත නීතිවිරෝධීව මුහුදු මඟින් විදේශගතවීමට උත්සහ කළ 20 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශගතවීමට අදාළව සිදු කරනු ලැබූ විමර්ශන ගණන 544ක් බවත්  246ක විමර්ශන කටයුතු නිමා කර ඇත. විමර්ශන 74ක් සඳහා නඩු පවරා තිබේ. තවත් විමර්ශන 172ක් සඳහා නීතිපති උපදෙස් පතා තිබෙන බවද ඉතිරි පරීක්ෂණ කඩිනමින් අවසන් කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya